කොළඹ වරාය නගරය තුළ විශේෂිත ශාඛාවක් පිහිටුවීම සඳහා සම්පත් බැංකුව (Sampath Bank PLC) වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) පාලක මණ්ඩලයේ නිල අනුමැතිය හිමි වී ඇත.
2025 වසරේදී වරාය නගරයේ තීරුබදු රහිත (Port City Duty Free) පරිශ්‍රයේ මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් (CRM) ස්ථාපිත කරමින් සිය මූලික පියසටහන තැබීමෙන් පසු, කොළඹ වරාය නගරය තුළ සම්පත් බැංකුව සනිටුහන් කරන දෙවන උපායමාර්ගික සන්ධිස්ථානය මෙයයි.
සම්පත් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දීපාල් ද සිල්වා සහ CHEC Port City Colombo Ltd හි කළමනාකාර අධ්යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (Xiong Hongfeng) යන මහත්වරුන් විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මගින් මෙම උපායමාර්ගික ව්‍යාප්තිය නිල වශයෙන් තහවුරු කරන ලදී.
කොළඹ වරාය නගරයේ වාණිජ කේන්ද්‍රයේ (Commercial Hub) ව්‍යාපාරික මධ්‍යස්ථානයේ පළමු ගොඩනැගිල්ලේ (Building 1) ස්ථාපිත කිරීමට නියමිත මෙම ශාඛාව, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ව්‍යාපාර, පුද්ගලයින් සහ ආයෝජකයින් සඳහා ප්‍රධාන මූල්‍ය ප්‍රවේශයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යටතේ බලයලත් ආයතනයක් (Authorised Persons Licenced Institution) ලෙස, කොළඹ වරාය නගර බලප්‍රදේශය තුළ මෙන්ම ශ්‍රී ලංකාව පුරා සහ ලොව පුරා ක්‍රියාත්මක වන නේවාසික සහ අනේවාසික යන දෙපාර්ශවයටම ගැලපෙන පරිදි සකස් කළ පුළුල් බැංකු සහ මූල්‍ය විසඳුම් රැසක් ලබා දීමට සම්පත් බැංකුවට දැන් හැකියාව ලැබී ඇත. ආයෝජකයින්ට, සමාගම්වලට, ව්‍යවසායකයින්ට, ගෝලීය ව්‍යාපාරික ආයතනවලට සහ පුද්ගලයින්ට බාධාවකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට සහ වැඩි නම්‍යශීලී බවක් ලබා දෙමින්, ශ්‍රී ලංකා රුපියල් මෙන්ම අදාළ විදේශ මුදල්වලින් ද මෙම ශාඛාව හරහා සේවා සැපයෙනු ඇත.
සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන මහතා ජාතියේ අනාගතය සඳහා කොළඹ වරාය නගරයෙහි ඇති උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළේය. ජාත්‍යන්තරව සම්බන්ධිත මූල්‍ය සහ ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සිය ස්ථානය ඉහළ නංවා ගැනීමට කොළඹ වරාය නගරය පරිවර්තනීය අවස්ථාවක් උදාකර දෙන බව ඔහු සඳහන් කළේය.
කොළඹ වරාය නගර පරිසර පද්ධතිය තුළ සම්පත් බැංකුවේ පැවැත්ම, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික විභවය පිළිබඳව බැංකුවට ඇති විශ්වාසය මෙන්ම, විශ්වාසදායක මූල්‍ය විශේෂඥතාව හරහා ජාත්‍යන්තර වෙළඳාම, ආයෝජන සහ ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට බැංකුව දක්වන කැපවීම ද පිළිබිඹු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහුට අනුව, මෙය තවත් එක් බැංකු ශාඛාවක් විවෘත කිරීමක් පමණක් නොව, නවීන, ජාත්‍යන්තරයට සමපාත වූ මෙහෙයුම් පරිසරයක් වෙත කාර්යක්ෂම ප්‍රවේශයක් අපේක්ෂා කරන ගෝලීය ව්‍යාපාර සහ ආයෝජකයින්ට සහාය වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද සුවිශේෂී බැංකු වේදිකාවක් ස්ථාපිත කිරීමකි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු-සේවා ආර්ථික කලාපය ලෙස, කොළඹ වරාය නගරය කොළඹ දැනට පවතින මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ දිගුවක් ලෙස හෙක්ටයාර 269ක් පුරා සංවර්ධනය කෙරෙමින් පවතින අතර, එයට වාණිජ, නේවාසික සහ ජීවන රටා අංගයන්ගේ සම්මිශ්‍රණයක් ඇතුළත් වේ. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු අපේක්ෂිත ඩොලර් බිලියන 15ක් දක්වා වූ සමස්ත ආයෝජනයක සහාය සහ ස්ථාපිත වෙළඳ සහ සම්බන්ධතා මාර්ග හරහා ප්‍රධාන ගෝලීය ගමනාන්ත 45කට වැඩි ප්‍රමාණයකට ඍජු ප්‍රවේශය සහිතව, දකුණු ආසියාවේ ජාත්‍යන්තර ව්‍යාපාර සහ ආයෝජන සඳහා උපායමාර්ගික වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට කොළඹ වරාය නගරය ස්ථානගත කර ඇත.
ෂියොන්ග් (Xiong) මහතා මෙසේ පැවසීය: “ප්‍රධාන සංවර්ධකයා ලෙස අපගේ කාර්යභාරයේ ප්‍රධාන අංගයක් වන්නේ කොළඹ වරාය නගරය ප්‍රායෝගික, මනාව සහාය දක්වන සහ එදිනෙදා මෙහෙයුම් සඳහා සූදානම් වූ ව්‍යාපාරික පරිසරයක් බවට අඛණ්ඩව විකාශනය වීම සහතික කිරීමයි.”
නගරය තුළ බැංකු හා මූල්‍ය සේවාවල අඛණ්ඩ ව්‍යාප්තිය එම ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බව ඔහු සඳහන් කළේය. වැඩි ව්‍යාපාර සහ ආයෝජකයින් පිරිසක් කොළඹ වරාය නගරය තුළ මෙහෙයුම් ආරම්භ කරන විට අවශ්‍ය වන පහසුව සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සම්පත් බැංකුවේ පැමිණීම ජාලය තවදුරටත් ශක්තිමත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ශාඛාව ස්ථාපිත කිරීම මගින් ජාත්‍යන්තර වාණිජ්‍යයට සහාය වීමට සහ ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) ගෙන ඒමට පහසුකම් සැලසීමට සම්පත් බැංකුව දක්වන කැපවීම පිළිබිඹු කරයි. කොළඹ වරාය නගරයේ සිය පැවැත්ම හරහා, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ට අනුකූල වන සහ ගෝලීය වෙළෙඳපොළේ විකාශනය වන අවශ්‍යතා සපුරාලන නවීන බැංකු පරිසරයක් නිර්මාණය කිරීම බැංකුවේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරාශ්‍රිත තීරුබදු රහිත සිල්ලර වෙළඳසැල පිහිටා ඇති ‘The Mall at Port City Colombo’ හි 2025 වසරේදී මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් (CRM) දියත් කිරීම හරහා සම්පත් බැංකුව කොළඹ වරාය නගරය තුළ සිය පළමු උපායමාර්ගික සන්ධිස්ථානය සපුරා ගත් අතර, ආර්ථික කලාපය තුළ මුල්ම භූමිගත බැංකු ප්‍රවේශ ස්ථානයක් ද ඒ හරහා ස්ථාපිත කළේය. ප්‍රධාන වාණිජ සහ සංචාරක ගමනාන්තයක් තුළ උපායමාර්ගිකව පිහිටා ඇති මෙම CRM යන්ත්‍රය දේශීය සහ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව මුදල් ආපසු ගැනීමේ පහසුකම් ලබා දෙන අතරම, සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා මුදල් තැන්පතු පහසුකම් ද සපයයි.
සාම්ප්‍රදායික බැංකු සේවාවන්ට අමතරව, කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන සමාගම් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පූර්ණ ඒකාබද්ධ බැංකුකරණ යෝජනාවක් හඳුන්වා දීමට සම්පත් බැංකුව සැලසුම් කරයි. මෙම උසස් බැංකු වේදිකාව ගනුදෙනු පහසුව, ඩිජිටල් ප්‍රවේශ්‍යතාව, භාණ්ඩාගාර කළමනාකරණ හැකියාවන් සහ විධිමත් මූල්‍ය මෙහෙයුම් ඒකාබද්ධ කරනු ඇත. මෙම මුලපිරීම ව්‍යාපාර කිරීමේ පහසුව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරන අතර සමාගම්වලට කාර්යක්ෂම, තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන බැංකු සහායක් ද ලබා දෙනු ඇත.
