මුදල් ගනුදෙනු වාර්තා නොකිරීම නිසා ආයතන 11කට මහ බැංකුවෙන් දඩ

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන ඇතුළු ආයතන 11කට එරෙහිව රුපියල් එක් කෝටි හතලිස් හය ලක්ෂයක (රු. 14,600,000) පරිපාලනමය දණ්ඩන පනවා ඇත.

එම පරිපාලනමය දණ්ඩන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ 2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලයට අදාළවයි.

එසේ දණ්ඩන අයකර ඇති ආයතන වන්නේ එල් බී ෆිනෑන්ස් පීඑල්සී, කාර්ගීල්ස් බෑන්ක් පීඑල්සී, එල් ඕ එල් සී සෙකියුරිටීස් ලිමිටඩ්, ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, ඉන්දියන් ඕවර්සීස් බෑන්ක්, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී, කළම්බො ජුවලරි ස්ටෝර්ස් ප්‍රයිවට් ලිමිටඩ්, සේයිස් ප්‍රයිවට් ලිමිටඩ්, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ්, හාබර් විලේජ් ප්‍රයිවට් ලිමිටඩ් යන මූල්‍ය හා එසේ නොවන ආයතනයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading