නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දුන්නා.
අභියාචනාධිකරණයේ දැනට පවතින පුරප්පාඩුවක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම පත්වීම සිදුකර තිබෙනවා.
මෙම නව පත්වීම ලැබීමට පෙර ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කර තිබුණා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම දිවුරුම්දීමේ අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
