නේෂන් ලංකා ෆිනෑන්ස් බලපත්‍රය මහ බැංකුව අවලංගු කරයි

ජුලි 03 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව හා බැංකු පනතේ විධිවිධාන අනුව එම සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑග්සී හි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් වෙත එක් තැන්පත්කරුවකු වෙත උපරිමය රුපියල් 1,100,000 දක්වා වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, සමාගමේ බලපත්‍රය අවලංගු කරන දිනය වනවිට එක් එක් තැන්පත්කරු වෙනුවෙන් සුදුසුකම් ලත් සියලුම තැන්පතු සහ නොගෙවූ පොලී ඒකාබද්ධ කිරීමෙන් පසු ගෙවිය යුතු මුදල ගණනය කරන බවත් එහි සඳහන් කර තිබේ.

2025 ජුලි 04 දින සිට නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලද බවත්, එම ආයතනය මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවත් එහි සඳහන් කරයි.

එමෙන්ම 2025 ජුලි 04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු වත්කම්, මෙහෙයුම් හා ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහාත්, සමාගමේ නමින් හා සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහාත් පීඩබ්ලිව්ඩීඑන්ආර් රොද්‍රිගු මහතා අද්මිනිස්ත්‍රාසිකරු වශයෙන් පත්කළ බවත් සඳහන් කර ඇත.

එම සමාගමේ පැවැත්ම තහවුරු කිරීම යටතේ විවිධ ව්‍යුහමය විකල්ප සලකා බැලීම යටතේ ශක්‍ය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම හා දැනට ස්ථාපිත සහ ස්ථාවර බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ මුදල් සමාගම් වෙත උනන්දුවක් දැක්වෙන පාර්ශවයන්ගෙන් විවෘත ආරාධනයක් නිල වශයෙන් නිකුත් කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading