දවසක ආදායම ලක්ෂයකට වැඩි ආයතනවලට වැට් හා සමාජ ආරක්ෂණ බදු

විකුණන භාණ්ඩ හා සේවාවල දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂය ඉක්මවන සෑම ආයතනයක්ම ජූලි මස 01 වැනිදා සිට වැට් බදු හා සමාජ ආරක්ෂණ බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ජූලි 01 වැනිදා සිට දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂයක් ඉක්මවන භාණ්ඩ හා සේවා විකුණන ආයතනවලට සියයට 18ක වැට් බද්දක් හා සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

මෙතෙක් වැට් බදු හා සමාජ ආරක්ෂණ බදු ගෙවීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය වී තිබුනේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 ඉක්මවන භාණ්ඩ හා සේවා සපයන ආයතනවලට වන අතර එය රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම නිසා දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂය ඉක්මවන ආයතනවලට එම බදු සඳහා ලියාපදිංචිය අනිවාර්ය වී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading