නතාෂාට ඇප ලබාදෙමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ලබා දුන් ඇප නියෝගය
හාස්‍ය නිර්මාණ ශිල්පිනී නතාෂා එදිරිසූරිය පසුගිය සතියේදී ඇප ලබා දුන්නේ ඇයට ‘මානසික රෝගයක් තිබෙන නිසා බව‘ සහ ඇය ‘සමාව ඉල්ලූ නිසා‘ බව ඇතැම් වැරදි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ.
එහෙත්, සැබෑ ලෙසම ඇය කිසිදු අවස්ථාවක සමාව ඉල්ලා නොමැති බව අප කළ සොයා බැලීම්වලදී ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එමෙන් නතාෂා සම්බන්ධයෙන් විනිසුරු ආදිත්‍ය බාලපටබැඳි ලබා දුන් තීන්දුව ඓතිහාසික එකක් බව නීතිඥවරුන් විග්‍රහ කර ඇත. පහත පීඩීඑෆ් ආකෘතියෙන් දැක්වෙන්නේ ඇයට ඇප ලබා දීමට හේතු වූ එම නඩු තීන්දුවයි.
එච්.සි.ඊ.බී.ඒ.-1335-23Download
තීන්දුවෙන් උපුටාගත් කොටස් -
‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා ඇප ලබාදීමට විරුද්ධ නොවන බව පවසා සිටියද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 4 වැනි වගන්තිය අනුව ඇප නියම කළ හැක්කේ විශේෂ කරුණු තිබේ නම් පමණි.
ඇප...