Saturday, May 18

Opinion

රනිල්-සාගල යුවළගේ ත්‍රස්ත සැලසුම් හා ශ්‍රී ලංකා පොලීස් ඌරන්ගේ අනාගතය!
Opinion

රනිල්-සාගල යුවළගේ ත්‍රස්ත සැලසුම් හා ශ්‍රී ලංකා පොලීස් ඌරන්ගේ අනාගතය!

ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විදියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නොනිල වශයෙන් පත්වෙලා, පොලීසියේ සියලු කටයුතු තිරය පසුපස පාලනය කරමින් සිටින බව ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙනවා. අපි කරපු හොයාබැලීම්වලදී මේ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු තහවුරු කළා පමණක් නෙවෙයි, අපට ආරංචි විදියට නිලන්තට සහයෝගය දෙන්නේ සාගල රත්නායක. ඒ පසුබිමේ අප මෙහිදී කිරීමට බලාපොරොත්තු වෙන්නේ, පොලීසිය ඉදිරියේ කෙසේ වනු ඇතිදැයි කෙටි අනුමානයන් ටිකක් කරන්න. දැන් පවතින කරුණු අනුව. මීට පෙර ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව පනත් ආදිය හදලා, විවිධ කැළඹිලිවලට නිදහසේ වැඩෙන්නට ඉඩ හැරලා, පාලකයන්ගේ වුවමනාවට රට් ත්‍රස්තවාදය ඇති කළා. පාලකයන් තරම් ත්‍රස්තවාදීන් තවත් නෑ. ඒ අනුව දැන් මහ ත්‍රස්තයා රනිල් ආර්ථික පීඩනය සහ ජනවාර්ගික පීඩනය මත ත්‍රස්තවාදය ගොඩනගන්න සැලසුම් කරන බව අපි දකිනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ...
උතුරට එක වතුර බිඳක් නොදී මහවැලි කොමිසම උතුරේ මෙතරම් ඉඩම් අල්ලා ගත්තේ කොහොමද?
Opinion

උතුරට එක වතුර බිඳක් නොදී මහවැලි කොමිසම උතුරේ මෙතරම් ඉඩම් අල්ලා ගත්තේ කොහොමද?

එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය සහ ශ්‍රීනාත් පෙරේරා රචනා කළ ඊළාම් අරගලය මාක්ස්වාදී ඇසින් කෘතිය පිළිබඳ එක්ත් කම්කරු සම්මේලනයේ සභාපතිනි, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් කළ දේශනය. ඊළාම් අරගලය මාක්ස්වාදී ඇසින් කියන මෙම කෘතියේ ඇති යෝජනා පිළිබඳ අදහස් කිහිපයක් කියන්නට මා බලාපොරොත්තු වෙනවා. එයින් එහාට ජනවාර්ගික ප්‍රශ්නයේදී අප සිටින්නේ කොතැනද කියා අදහසක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. මම මා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. මොකද, මෙය ඉතාම ආත්මීය දෙයක්. ජාතිය, ලිංගිකත්වය, පංතිය වැනි දේවල් ඉතා ආත්මීය දේවල්. යාපනයේ උපත ලැබුවාට, මා 1990 දී කොළඹට අවතැන්ව පැමිණියේ, මට අවුරුදු තුනක්ව සිටියදී. මම මාව යුද්ධයේ වින්දිතයෙකු ලෙස හඳුන්වාගන්නේ නෑ. කොළඹට අවතැන්ව ආ නිසා මට බොහෝ දේවල් දැකගන්න ලැබුණා. මට බොහෝ සිංහලයන් සමග ජීවත් වීමට අවස්ථාව ලැබුණා. මගේ පරම්පරාවේ දෙමළ ජනතාවට එම අවස්ථාව නැහැ. ඇතැම...
සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!
Opinion

සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!

මනූෂ නානායක්කා සමාජ මාධ්‍ය පනත ගැන දැවැන්ත අසත්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා. පනතේ ඇති කරුණු හංගමින්, ඔහු මිනිසුන් රැවටීමේ තක්කඩි අරමුණෙන් යුතුව කතා කර තිබෙන අතර, පනතේ ඇති බරපතල අවුලකුත් ඔහුම පෙන්වා දී තිබෙනවා. ‘සමාජ මාධ්‍යයට වාරණ දාන්නෙත් නෑ. සමාජ මාධ්‍යයට නියාමන දාන්නෙත් නෑ. මේ පනත හරහා සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කරන දේවල්වලට වගකීම ගන්න කියන එක විතරයි. හැමවෙලාවෙම මේ සමාජ මාධ්‍යයට එනවා නම් අනන්‍යතාව අවශ්‍ය වෙනවා.  යම් ප්‍රකාශයක් වෙනවා නම් ඒ ප්‍රකාශයට තමන් වගකියන්න ඕනෑ එච්චරයි. එහෙම නැතිව මේකේ කිසිම ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නවත්, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කියන්න තියෙන. නෑ, ඕනෑ දෙයක් කියන්න පුළුවන්. වගකීම් සහගත සමාජ මාධ්‍යයක් තිබීම ගැන විතරයි මේ කතා කරන්නේ.‘ මනූෂ කියා ඇති බොරුව වන්නේ, සමාජ මාධ්‍යයට වාරණ හෝ නියාමන දාන්නේ නැති බව. පනතේ වගන්ති වි...
දෑකැත්තයි මිටියයි එක්ක, මහමැතිවරණයක් ඇවිත් මාලිමාව පැරදෙයිද?
Opinion

දෑකැත්තයි මිටියයි එක්ක, මහමැතිවරණයක් ඇවිත් මාලිමාව පැරදෙයිද?

ජාතික ජන බලවේගයට බස් හෝල්ට් නඩුවක් වැටුණ හැටි ඔබ දකින්න ඇති. බස් හෝල්ට් නඩුව අස්සේ, ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයකදී වාසි ලබාවි කියලා, අලුත්ම ගිමික් එකකට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා තියෙන බව අපට ආරංචි වුණා. ඒ තමයි, සියලු මැතිවරණ අතරින් ජවිපෙට අවාසි මැතිවරණය මුලින් පවත්වන එක. අපි ඒවා ගැන කතා කරමු. බස් හෝල්ට් එක ගැන වැදගත් කාරණයක් තියෙනවා. ඉදිරි ඡන්ද ළං වෙනකොට ප්‍රධාන ධාරාවේ මැතිවරණ දේශපාලනය තුළ සියල්ලන්ගේ සතුරා ලෙස මාලිමාව මතු වෙනවා. මේ බස් හෝල්ට් කතාව ඇතුළේ, ඒ හතුරාට දෙන ප්‍රහාරයේ හැඩතල පේනවා. ඒ කතාව වැඩිදුර විස්තර කරන්නම් පසුවට. ඊට කලින් අපට ආණ්ඩුව පැත්තෙන් ඇහෙන ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය පැවැත්වීමේ සැලසුම් ගැන මතු කරන්නම්. මේ සැලසුම අපි හිතනවාට වඩා දරුණු විදියට මාලිමාවට බලපාන කාරණයක්. බැසිල් රාජපක්ෂ පාර්ශ්වය වගේම සමගි ජන බලවේගයත් මහමැතිවරණයකට කැමැත්තක් දක්...
ඔක්කොම විකුණුවාම ගොඩද? විකුණන්න නුසුදුසුම අවස්ථා 5ක්!
Opinion

ඔක්කොම විකුණුවාම ගොඩද? විකුණන්න නුසුදුසුම අවස්ථා 5ක්!

ඉදිරියේදී එන්නේ දැවැන්ත විකිණීම් රැල්ලක ආරම්භය. පසුගිය සති කිහිපයේදී පෞද්ගලිකකරණයට අදාල ප්‍රවෘත්තිමය වාර්තා ගණනාවක් පළ වුණා. ඔබ දැනගන්නම ඕනෑ කාරණා කිහිපයක් සඳහන් කරන්නම්. රජයට ව්‍යාපාර කරන්න බැහැ කියමින්, ආණ්ඩුව මේ වෙද්දී ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ගණනාවක් චීන රජයේ සමාගමක් ඇතුළු සමාගම් කිහිපයකට විකුණලා හමාරයි. මේ ආණ්ඩුව ෆේල් වනතුරුම දශක ගාණක් අඛණ්ඩව තෙල් සැපයූ සෙපෙට්කෝ, එකට තියෙන ආදායමත් එයින් අහිමි වෙනවා. ආණ්ඩුව පළමු වටයේ විකිණීම්වලින් ගන්න බලාපොරොත්තු වෙන ආදායම එක්ස්ප්‍රස් පර්ල් නඩුව හරියට කළා නම් ගන්න පුළුවන් වන්දියෙන් භාගයක්වත් නෑ. ඒ වගේම ණය වෙලා තියෙන ආයතන ආණ්ඩුව විකුණන්නේ, ඒ ණය ටික අලුතින් ගන්න කෙනාට පවරමින් නෙවෙයි. එහෙම කවුරුත් ආයතන මිලට ගන්නේ නෑ. ඒ වෙනුවට සියළු ණය රජය තමන්ගේ කර මත දරාගෙන, ඒ ඒ ආයතන ලාභ ලබන තැනට සියලු පසුබිම හදලා තමයි විකුණන්නේ. ඒ කියන්නේ පාඩු ලබන ආය...
තාඹුගලගේ අවුරා මියුසික් ෆෙස්ටිවල් එකට, රාජාංගණේ විරෝධයක් ඇයි?
Opinion

තාඹුගලගේ අවුරා මියුසික් ෆෙස්ටිවල් එකට, රාජාංගණේ විරෝධයක් ඇයි?

මේ වන විට අවුරා ලංකා මියුසික් ෆෙස්ටිවල් කියන ප්‍රසංගය අවස්ථා 8කදී පවත්වා තිබුණි. මෙවර එහි 9 වැනි ප්‍රසංගය රාජාංගණය යාය 18 ප්‍රදේශයෙන් ආරම්භ විය. මීට පෙර අවස්ථාවලට වඩා වෙනස්ව, මෙවර රාජාංගණය ප්‍රදේශයේ ‍ගොවි සංවිධාන සහ ගොවියන් සමග ඒකාබද්ධව වැඩ කරන ක්‍රියාකාරීන් බොහොමයක් පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි. මීට වසර දෙකකට පෙර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී අවුරා ලංකා සමාගම පිළිබඳ මුලින්ම අවධානය යොමු විය. 2021 අගෝස්තු 30 වැනිදා කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අවුරා ලංකා සමාගමට ඉඩම් අක්කර 104,066ක් ලබා දීමර තීන්දු කළේය. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් සීයට 6ක් තරම් අති දැවැන්ත ප්‍රමාණයකි. එපමණක් නොව, විවිධාකාර නීතිවිරෝධි සහ බලහත්කාර ක්‍රම පවා යොදාගන...
‘බස් අනතුරු පිටිපස්සේත්, පාලකයන්ගේ අසමත්කමද?‘ ප්‍රවාහන මහාචාර්යවරයා සියල්ල පැහැදිලි කරයි!
Opinion

‘බස් අනතුරු පිටිපස්සේත්, පාලකයන්ගේ අසමත්කමද?‘ ප්‍රවාහන මහාචාර්යවරයා සියල්ල පැහැදිලි කරයි!

මෑත දිනවල බස් රිය අනතුරු ගැන නැවතත් කතිකාවත් මතු වී තිබෙනවා. එයට බලපෑ සාධක ගොඩක් ගැන විවිධාකාර අදහස් මතු වී තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන සහ කාර්ය සාධන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අමල් එස්. කුමාරගේ දිනමිණ පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඉතා වැදගත් අදහස් රැසක් මේ ගැන මතු වී තිබුණා. මේ එම සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක්. පාරවල් ගාණ වැඩි වුණත්, දියුණු වෙලා නෑ මොනවා වුණත්, ‘රාජපක්ෂ ආණ්ඩු‘ පාරවල් ටික ‘සංවර්ධනය කළා‘ කියන එක බොහෝ අයගේ ජනප්‍රිය අදහසක්. එහෙත්, කුමන නමකින් පවතින කුමන ආණ්ඩුවක් වුණත් (සමහරවිට තමන්ගේ ගජමිතුරන්ට කොමිස් ලැබෙන ව්‍යාපෘති ලෙස) මාර්ග ඉදකිරීම් කළත් ඒක ‘මාර්ග සංවර්ධනය‘ කියා හැඳින්විය හැකිද යන ප්‍රශ්නය ඇතැම්විට අපට නැගෙනවා. මෙම සාකච්ඡාවේදී මහාචාර්ය අමල් කුමාරගේ මෙහෙම කියා තිබුණා. ‘මෙරට ජනගහනය වැඩි වීම වගේම මාර්ගයට පිවිසෙන මා...
මරණය වෙනුවට යහපත් කොන්දේසි වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ – කල්ප මධුරංග
Opinion

මරණය වෙනුවට යහපත් කොන්දේසි වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ – කල්ප මධුරංග

ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. පසු මැයි 11 වනදා සිට සමාජය තුළ දැඩි ලෙස කතා බහට ලක් වෙන මාතෘකාවක් වන්නේ කුප්‍රකට ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ ආර්. රාජකුමාරි නම් ගෘහ සේවිකාව ඝාතනයට ලක් වීමයි.  මෙම සිද්ධියට අදාළව දැනට නඩු විභාගයක් සිදු වෙමින් පවතී. නමුත්  එම නඩු විභාගය දිනෙන් දින කල් යාමෙන් සිදු වන්නේ යුක්තිය ප්‍රමාද වීමයි. ආර්. රාජකුමාරිගේ සිද්ධියේදී ඇයගේ ස්වාමි පුරුෂයා කරනු දක්වමින් කියා සිටියේ යට පහරදී ඇත්තේ වැලිකඩ පොලිසියේ නිළධාරීන් විසින් බවයි. මක් නිසාද ඔහු රාජකුමාරිට අවසන් ඇමතුම ලබා ගන්නා අවස්ථාවේ එම ඇමතුමට සුධර්මා නෙත්ති කුමාර පිළිතුරු දුන් බවත් පසුව රාජ කුමාරිට කතා කිරීමට දුරකථනය දුන් බවත් පැවසීය. පසුව රාජකුමාරී විසින් අයගේ ස්වාමි පුරුෂයා හට පවසා ඇත්තේ පොලීසිය තමාට පහර දෙන බවත්, ඔහුට පැමිණ...
පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර
Opinion

පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ. මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙ...
නතාෂාට ඇප ලබාදෙමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ලබා දුන් ඇප නියෝගය
Opinion

නතාෂාට ඇප ලබාදෙමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ලබා දුන් ඇප නියෝගය

හාස්‍ය නිර්මාණ ශිල්පිනී නතාෂා එදිරිසූරිය පසුගිය සතියේදී ඇප ලබා දුන්නේ ඇයට ‘මානසික රෝගයක් තිබෙන නිසා බව‘ සහ ඇය ‘සමාව ඉල්ලූ නිසා‘ බව ඇතැම් වැරදි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ. එහෙත්, සැබෑ ලෙසම ඇය කිසිදු අවස්ථාවක සමාව ඉල්ලා නොමැති බව අප කළ සොයා බැලීම්වලදී ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එමෙන් නතාෂා සම්බන්ධයෙන් විනිසුරු ආදිත්‍ය බාලපටබැඳි ලබා දුන් තීන්දුව ඓතිහාසික එකක් බව නීතිඥවරුන් විග්‍රහ කර ඇත. පහත පීඩීඑෆ් ආකෘතියෙන් දැක්වෙන්නේ ඇයට ඇප ලබා දීමට හේතු වූ එම නඩු තීන්දුවයි. එච්.සි.ඊ.බී.ඒ.-1335-23Download තීන්දුවෙන් උපුටාගත් කොටස් - ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා ඇප ලබාදීමට විරුද්ධ නොවන බව පවසා සිටියද 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 4 වැනි වගන්තිය අනුව ඇප නියම කළ හැක්කේ විශේෂ කරුණු තිබේ නම් පමණි. ඇප...