මහාචාර්‍ය සුමනසිරි ලියනගේ ලියන, උදැහන සටහන
සමහර ජන සංවිධාන මෙවර මැයි දින රැස්වීම්, සහ පෙළපාළි ප්‍රාදේශීය නගරවල පැවැත්විමේ සූදානමක් ගැන වාර්තා වේ. උදාහරණයක් ලෙස මොන්ලාර් සංවිධානය අති විශාල මුදලක් වැය කොට එහි මැයි රැස්වීම මන්නාරමෙහි පැවැත්වීමට තීරණය කර ඇත. ජාතික ධීවර සහයෝගිතා සංවිධානය ද, ඒ මගම ගනු ඇතැයි සිතිය හැක. අවිධිමත් අංශ සේවක සංවිධානය හැටන්වල එහි මැයි රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙයටත් වඩා අසතුටුදායක තත්ත්වයක් වෘත්තීය සමිති කදවුරෙහි දැකිය හැක. මීට පෙර එක්ව මැයි දින සැමරීම් කළ වෘත්තීය සමිති කිහිපයක් වෙන් වෙන්ව මැයි සමරු උත්සව, පෙළපාළි සහ රැස්වීම පවත්වන බවක් සැළ වේ. ලංකා ගුරු සංගමය එහි මැයි රැස්වීම පවත්වන්නේ යාපනයේ ද?
එක් එක් තැන්වල විසිර මැයි රැලි පැවත්වීමෙහි මූලික සහ මූලධාර්මික වරදක් පෙන්වාදිය නොහේ. ජාතික ජන බලය බලය අල්ලා ගැන්මට පෙර පැවැති මැයි දිනය සැමරුවේ තුන් තැනක ය.
මේ සටහන තැත්කරන්නේ සමකාලීන සන්දර්භය තුළ මෙම විසිරුන මැයි උත්සව, රැලි සහ පෙළපාළි පැවැත්වීම නිවැරදි තීරණයක් ද යන්න විචාරාත්මකව සාකච්ඡා කිරීමට ය.
2025 මැයි දිනය එන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ එක් සන්ධිස්ථානයක දී ය. ඒ 2024 දී බලයට පත් ජාතික ජන බලය (NPP) ආංඩුව ආර්ථික, සහ දේශපාලන පරිපථමය වෙනසක් (system change) සදහා දුන් පොරොන්දු වෙතින් වියෝවන අදියරයක් ය. එ පමණක් ද නොවේ. රනිල් වික්‍රමසිංහ ආංඩුවේ ප්‍රතිපත්ති කට්ටලය යළි වඩාත් ශක්තිමත් ලෙසආර්ථික, සහ දේශපාලන පරිපථමය වෙනසක් (system change) සදහා දුන් පොරොන්දු වෙතින් වියෝවන අදියරයක් ය. එ පමණක් ද නොවේ. රනිල් වික්‍රමසිංහ ආංඩුවේ ප්‍රතිපත්ති කට්ටලය යළි වඩාත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින අදියරයක ය. අද ශ්‍රීලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති රාමුව පමණක් නොව එහි ක්‍රියාත්මක අදියරයන් ගැනද තින්දු ගන්නේ කොළඹදී නොව වොෂින්ටනයේදී ය. මෙකී ආර්තික ක්‍රියාත්මක කරමින් සිටින අදියරයක ය. අද ශ්‍රීලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති රාමුව පමණක් නොව එහි ක්‍රියාත්මක අදියරයන් ගැනද තින්දු ගන්නේ කොළඹදී නොව වොෂින්ටනයේදී ය. මෙකී ආර්තික ස්වාධිපත්‍යය ගිලිහී යන වේගයෙන්ම, ජාතික ස්වයං නිර්ණන අයිතිය අඩස්සි කරමින් quad සංවිධානයේ සාමාජික රටක් සමග -ඉන්දියාව- ගිවිසුම් ගත වීමක්ද වාර්තාවේ. මෙය කෙළින්ම නොබැඳි පිළිවෙතින් පිටපැනීමක් ය.
මේ පීලිපැනීම් සහ අඩස්සි කිරීම් මේ අයුරෙන් ඉදිරියට යෑමෙහි සෘජු ප්‍රතිඵලය වනු ඇත්තේ බොහෝ රෝස ආංඩුවලට වූවාක් මෙන් දක්ෂිණාංශික ප්‍රභූ ආංඩුවකට පාර කැපීම ය. ලාල්කාන්ත සහෝදරයා මේ වන විටත් රනිල් වික්‍රමසිංහ නමට ස්තෝත්‍ර ගයන්නට පටන් ගෙන ඇත.
මේ නිමේෂය තීරණාත්මක එකක් වන්නේ රැඩිකල් සමාජ ආර්ථික හා දේශපාලන විප්ලවයක් දෙසට රට ගෙනයාම නොකෙරුනහොත් දක්ෂිණාංශික ප්‍රභූ බලයක් වැළැක්වීම අපහසු එකක් වන හෙයිනි.
අනුර කුමාර දිසානායක ආංඩුව යන්නේ එවන් රැඩිකල් සමාජ විප්ලවයක් දෙසට නොවේ. වැඩකරන ජනතාව ප්‍රධාන ජනබලයෙහි එකඟත්වය මේ අවස්ථාවෙහි අනීවාර්‍ය වේ. 2025 මැයි දිනය එයට පෙර හුරුවකි. එහෙත් එය හිස් එකතුවක් නොව ඉදිරිය සඳහා රැඩිකල් දුරදිගයන සංක්‍රමණිය වැඩ පිළිවෙළක් ඇති එකතුවක් විය යුතු ය.
මීටපෙර සටහනක එවන් වැඩ පිළිවෙළක මූලිකාංග මම කෙටියෙන් දැක්වීමි. ඒ මෙසේ ය.
මෙවර මැයි දින වැඩකරන ජනතාව කළ යුත්තේ නිකම්ම එකමුතුවකට යාම නොවේ. අවම ලන්සුවෙන් ගත්තත් එකමුතුව හරහා පහත දැක්වෙන ප්‍රශ්නවත් නැගිය යුතු වේ:
- IMF හබකයෙන් ගැලවෙමු.
- නැගෙනහිර පර්‍යන්තය ඇතුළු රාජ්‍ය දේපොල පුද්ගලිකකරණයට ඉඩ නොදෙමු.
- ආර්ථික පරිවර්තන පනත ඉරා දමනු.
- පෞද්ගලික හා වතු වැටුප් වැඩි කරනු.
- බටලන්ද ඇතුළු රාජ්‍ය කෲරකම්වලට දඬුවම් දෙනු
- PTA ඉරා දමනු.
නිගමනය
2025 මැයි දිනය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දේශපාලන මැයි දිනයක් විය යුතු ය. ඒ රෝස ආංඩු මගහරින රැඩිකල් සමාජ විප්ලව වැඩ පිළිවෙළක් සඳහා එකතුවකි. ඒ නිසාම එහි මෙහෙයවීම දේශපාලන වැඩකි. පවත්නා තත්ත්වය තුළ එය පැවරිය හැකි යැයි මට පෙනෙන්නේ ජන අරගල සන්ධානය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සහ රැකියා නැත්තන් ය. මේ දේශපාලන බලවේග යුගළය ශක්තිමත් කළ හැක්කේ වැඩකරන ජන බලය මගිනි.
මෙහිලා මේ අංශ නායකයනට ජාතික ජන බලය ඉදීකිරීමේ ක්‍රියාවලිය තුලින් ධනාත්මක මෙන්ම නිෂේධාත්මක පාඩම් ගණනාවක් උගත හැකිය. උගත යුතු ය.
ඉතිරිය දෙවන කොටසට
රැඩිකල් දුරදිගයන සමාජ විප්ලව එක්සත් සටන් පෙරමූණක, සංයුතිය, සංවිධාන සැකැස්ම ගැන.
