මේ මොහොතේදී ගෝලීය ආර්ථික දේහය තුළ විශාල වෙනස්කම් සිදු වෙමින් පවතිනවා.
නවලිබරල් ධනවාදය විසින් නිර්කාර්මිකරණය (deindustrialization) කරන ලද ඇමරිකානු ආර්ථික මොඩලයට රාජ්‍ය මැදිහත්වීම සහිතව ක්‍රියාත්මක වන චීනය සමඟ ගෝලීය තලයේදි තරඟ කිරීමට නොහැකි වීම නිසාවෙන් හා ගෝලීයකරණය විසින් ඇමරිකානු ආර්ථිකය hollow out කිරීම. එනම් ආර්ථිකය තුළ ඇති රැකියා පිටතට outsource කිරීම නිසාවෙන් මධ්‍යම පාන්තික කාර්මික රැකියා විනාශ කිරීම හේතු කොටගෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්තිය ආරක්ෂනවාදය ( protectionism) වෙත රැගෙන යමින් තිබෙනවා.
නමුත් ගෝලීය ආර්ථිකයේ මේ සිදුවන මේ වෙනස ලංකාවේ තුළ සාකාච්ඡා වෙන්නේ ඉතාමත් සීමිත රාමුවක් තුළයි.
– ආණ්ඩුවට ලංකාව වෙත පනවා ඇති තීරු බදු අඩු කර ගන්න පුලුවන්ද?
– එලොන් මස්ක් රනිල් වික්‍රමසිංහ ගේ යාලුවෙක් ඒ නිසා ඒක දුරකතන ඇමතුමකින් මේ බදු අඩු කර ගන්න පුලුවන්ද?
– හර්ෂ ද සිල්වා මුදල් ඇමති වුණා නම් මේක අඩු කර ගන්න තිබ්බද?
වගේ ඉතාමත් සරල ප්‍රශ්න කිහිපයකට මේ සාකච්ඡාව සීමා වෙලා තිබෙනවා.
ඒ අතර
දක්ෂිණාංශික අදහස් පළ කරන්නන් උත්සාහ කරනවා ලංකාවට 44% ක් වැනි තීරු බද්දක් පැනවූයේ ලංකාවේ ආර්ථිකයේ විවෘත බව අඩු නිසා යැයි කියන්නට.
ඒ වගේම ඇමරිකාව සමග මේ.ගනුදෙනුව කළ හැක්කේ තමන් වැනි ඉහළ පාන්තික,ඉංග්‍රීසි කතා කරන පිරිසකට විතරක් යැයි වැනි අදහසක් සමගි ජන බලවේගය විසින් සමාජගත කරමින් ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි තීරු බදු පැනවීම ට පෙර සාකච්ඡා කර මෙම බදු කර ගත හැකිව තිබුණා කියන අමූලික බොරුව ත් ඔවුන් සමාජ ගත කරමින් ඉන්නවා. විශේෂයෙන් ම මේක කරන්නේ විපක්ෂ නායක විසින්.
නමුත් අවාසනකාවට රජය ඇරුනම මේ ගැන ජනතාවට සන්නිවේදනය කරන වාමාංශික ප්‍රගතිශිලි බලවේගයක් නැති තරම්.
ආණ්ඩුව බොරු කියනවා යැයි ජනතාව ඉදිරියට ගිහින් කියන වාමාංශිකයින් ගෝලීය තලයේදී නවලිබරල් ධනවාදය එහි උපන්ගෙයි තුළම පරාජය වීම ජනතාව අතරට ගෙන යන්නේ නැහැ. ඒ ගැන රට තුළ ඉන්න දක්ෂණාංශික පක්ෂ හා කණ්ඩායම් කියන බොරු ගැන වචනයක් වත් කියන්නේ නැහැ.
මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ලංකාවේ වම පුරුදු වෙලා තියෙන්නෙත් සාම්ප්‍රදායක ආණ්ඩු විරෝධය නඩත්තු කිරීම පමණයි. ගෝලීය ධනවාදය විවේචනය කිරීම වැනි දේ ඔවුන් කරන්නේ නැහැ. ගෝලීය ධනවාදය විසින් අපි වැනි රටවල්. භක්ෂණය කරද්දී ඒකට ලංකාවේ බලයේ ඉන්න ප්‍රගතිශිලි ආණ්ඩුවට බනින්න සූදානමින් තමයි ‘ වම ‘ ඉන්නේ..
බහුජන දේශපාලනය කර බලය අල්ලා ගන්නෙත් නැහැ.
ඇත්තටම ගෝලීය ධනවාදය විවේචනය කරන්නෙත් නැහැ.
ඒ වෙනුවට සරල ආණ්ඩු විරෝධයක් නඩත්තු කරමින් ඉන්නවා. දෘෂ්ටිවාදී තලයේ දක්ෂනංශික කණ්ඩායම් තමන්ගේ මෙහෙයුම් නවත්වා නැහැ. තවමත් ජනතාව සමග ආර්ථිකය කතා කරන්නේ දකුණ විතරයි.
ආණ්ඩුව වමේ නෙවෙයි කියලා.ඔප්පු කරන එක තමයි ලංකාවේ සමහර ‘ රැඩිකල්වාදී න්ගේ.වැඩේ. එහෙම නැතිව වම දිනවන එක නෙවෙයි.
(මෙය ලක්මාලි හේමචන්ද්‍ර සිය ෆේස්බුක් අඩවියේ තැබූ සටහනකි.)
