චතුරංග අබේසිංහගෙන් සටහන්ට ප්‍රතිචාරයක්! මතවාදී සටන යළි පණ ගන්වන බව කියයි!

චතුරංග අබේසිංහ ලියූ මුහුණුපොත් සටහනක්

තරිඳු උඩුවරගෙදර අද ඔහුගේ you tube එකේ මගේ අසත්‍ය තොරතුරු පැමිණිල්ල ගැන සදහනක් කරල තිබ්බ..

ඔහු සදහන් කලේ මම නොහිතපු පැත්‍තක්

ඇත්තෙන්ම ඔහු කියන කාරණය සත්‍යයක් විය හැකි, මොකද දැන් නවලිබරල් ධනවාදී කදවුරට Content නෑ. සිය න්‍යාය ඇස් පනාපිට බිඳ වැටෙනවා.

රාජ්‍ය වෙළෙඳපොළ මැදිහත්වීම කරන රටවල් ලෝක නිශ්පාදනය අත්පත් කරගෙන අමරිකාවට කොටස් වෙළෙඳපොළ හා සේවා පමණක් ඉතිරි කරල තියෙනවා.

අපි දිගින් දිගටම තර්ක කේලේ එය, ලෝකේ අගය කොහෙද එකතු වෙන්නෙ ඒ නිශ්පාදන පදනම මත, සේවා පවතින්නෙ නිශ්පාදනය වටා. ඒ නිසා ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය, ජලය, ඛනිජ වැනි අත්‍යාවශ්‍ය යෙදවුම් රටකට කොතරම් වැදගත්ද එම නිශ්පාදන වල හිමිකාරීත්වය රටක් ස්වෛරිත්වට කෙතරම්

වැදගත්ද කියන එක අද ඔප්පු වෙමින් තියෙනවා.

ඒ නිශ්පාදන ආර්ථිකය හදන්න

📌රාජ්‍ය වෙළෙඳපොළ මැදිහත්වීම

📌තෝරගත් ක්ශේත්‍ර ආරක්ෂණය

📌දේශීය කර්මාන්තවලට සහය

📌රාජ්‍ය ප්‍රාග්ධනය

📌සමූපකාර

කියන කාරනා කෙතරම්ම වැදගත්ද කියන එක ලෝකෙට නිර්බාද නවලිබරල් ධනවාදය හදුන්වා දුන් රටේ ජනාධිපති ලෝකෙට පැහැදිලි කරමින් සිටිනවා. ( අලුත් තීරුබදු ප්‍රතිපත්තියට න්‍යායක්, පදනමක් නෑ 😁 ඒ පිළිබඳ විවේචනය කරන vlog එකක්, ticktock එකක් දැක්කෙ නෑ )

නවලිබරල් න්‍යාය රෙද්දපල්ලෙන් බේරෙනකොට අපේ රටේ වෙළෙඳපොළ න්‍යායාචාර්‍යන්ට වෙන මාතෘකාවලට ආයෝජනය කරන්න වෙනවා.

ඒ වගේම මාලිමාවෙ අලුත් සෙට් එකට ගහන්නෙ කුජීත වෙච්ච දුශිත දේශපාලනය රැකුන අය.

ඒ Page අද ඊයේ හදපුවා නේමේ..ඒ එන්නෙ අමු වේදනාව. තක්කඩි දේශපාලනය රැකපු චන්න ජය සුමනල, එරන්ද ගිනිගේල, මාතලන්ලා අපි නව මහජන ව්‍යාපාරයේ සමාජ මාධ්‍ය කරුවන් ලෙස එක මිටම හාන්සි කරල දැම්ම..ඒ වේදනාව එසේ මෙසේ වෙන්න බෑ.. ☺

තුන්වෙනි කාරනය විදිහට තියෙන්නෙ ඉතා මානුෂිය කරුනක් සමහරුන්ට අපි වගේ වෘතීය ව්‍යාපාරය අතහැරල දේශපාලනයට එන්න ශක්තිය නෑ..තියෙන්නෙ wall එක විතරයි ඒකනම් පොඩි ඊරිසියාවක්

ඒ නිසා නව දේශපාලනයේ මම වගේම Social Media ගේම ගහපු කොට්ටහච්චිලා, ලක්මලීල, නජිත්ල, එරංගල දූශිත සමාජ මාධ්‍ය වලල්ලේ ප්‍රහාරයට ලක්වෙනවා

මෙහෙමයි, ඔය ඔකොක්ම හරහට ඉන්න කොට තමයි අපි 2019 ඉදන් 2024 ජයග්‍රහණය ගත්තේ.. ඒ නිසා තරිඳු කියන එක හරි

හබැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කිව්වා කියල ව්‍යාජ News හදන්න දෙන්න බෑ. මඩ ගහන එක කිසි අවුලක් නෑ 😁

අපි මේ මතවාදී සටන නැවත පන ගන්වන්න ඕනේ..ආයෙ ඒ කාලේ වගේ ලියන්න ඕනේ..

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading