Moose පළවැනි වතාවට තමන්ගේ වෙළඳසැලක් විවෘත කරලා!

Moose Clothing Company සිය පළමු සිල්ලර වෙළඳසැල කොළඹ පිහිටි ජනප්‍රිය One Galle Face Mall හිදී විවෘත කළේය.

මෙම අවස්ථාවට Moose කණ්ඩායම, අධ්‍යක්ෂ මණ්ඩලය සමග සමස්ත කාර්ය මණ්ඩලයම එක් විය. මූස් වෙළඳනාමය ඉස්මතු වන අයුරින් මෙම වෙළඳසැල සැලසුම් කර තිබේ.ෙ‍ෙ

පිරිමි, කාන්තා සහ Unisex ඇඳුම් ඇතුළුව සම්පූර්ණ Moose එකතුව එකම ස්ථානයකින් මිලදී ගත හැකිය. කාලයට ඔරොත්තු දෙන මූලික විලාසිතා වල සිට නවීනතම ප්‍රවණතා දක්වා, මෙහි ඇත. ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ ඇඳුම් පිරිනැමීම සඳහායි. එය ගෝලීය ප්‍රවණතා මත පදනම්ව සහ දේශීය ජීවන රටාවට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇත.

වෙළඳසැල ඇතුළත ඉඩකඩ සුවපහසු, නවීන සහ ප්‍රියජනක අයුරින් සකසා ඇත. වෙළඳසැලේ සැකැස්මේ සිට ආලෝකකරණය දක්වා සෑම අංගයක්ම පාරිභෝගිකයාගේ පහසුව තකා නිර්මාණය කර තිබේ. Moose ලාංඡනයෙන් ආභාෂය ලැබූ සුවිශේෂී සිවිලිම් ආලෝකකරණ සැලැස්ම මගින් වෙළඳසැලට ආකර්ෂණීය පෙනුමක් ලබා දී ඇත්තේ, සන්නාමයේ අනන්‍යතාවය රැකගනිමින්ම නවීන සහ අවම මෝස්තරයක් පවත්වාගෙන යමිනි.

විලාසිතා එකතුවට අමතරව, මෙම වෙළඳසැලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිල ඇඳුම් සඳහාම වෙන් වූ ප්‍රදර්ශනාගාරයක් ද පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් අනුග්‍රාහකයා ලෙස, Moose විසින් නිල ක්‍රිකට් ඇඳුම් ලබා දෙන අතර, එමගින් ක්‍රිකට් ලෝලීන්ට තම කණ්ඩායම කෙරෙහි ඇති අභිමානය පළ කළ හැකිය.

වෙළඳසැල විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් Moose Clothing Company හි ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා පැවසුවේ, “මෙම වෙළඳසැල Moose ලෝකය ජීවමාන කරන අපගේම ක්‍රමයක්. විශිෂ්ට විලාසිතාව, සැබෑ සුවපහසුව සහ එදිනෙදා භාවිතය සඳහා වූ වටිනාකම – මේ සියල්ලම අත්විඳිය හැකි ස්ථානයක් අපට අවශ්‍ය වුණා. නවතම විලාසිතා වල සිට නිල ක්‍රිකට් ඇඳුම් දක්වා, මේවා නිර්මාණය කර ඇත්තේ සැබෑ මිනිසුන් සහ සැබෑ අවස්ථා වෙනුවෙනුයි.” යනුවෙනි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading