සබීනා යූසුෆ් මිසිස් ශ්‍රී ලංකා වෙයි!

මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2025 කිරුළ දිනා ගැනීමට සබීනා යූසුෆ් සමත් විය.

ඔක්තෝබර් 02 බ්‍රහස්පතින්දා පැවති අවසන් මහා තරගයේදී. ඇය විවාහක කාන්තාවන් සඳහා වන පැරණිතම හා විශාලතම ජාත්‍යන්තර තරගය ලෙස සැලකෙන ඉදිරි මිසිස් වර්ල්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

ඇය දේශීය ඇඳුම් තරගයට සුගලා දේවිය ලෙස ඇඳුම් නිර්මාණය කරගත් අතර, සබීනා සිංහල භාෂාව හසුරුවන ආකාරයද සංවාදයට ලක් විය. ‘මට ක්‍රවුන් ඕනෑ නෑ. මම කැමතියි ලංකාවට ක්‍රවුන් එක දෙන්න‘ යනුවෙන් ඇය කීය. තරගය ජයග්‍රහණය කළහොත් එය ලෙහෙසි නැති බවත්, තමන්ට හැකි උපරිමය කරන බවත් සියලු බර තමන්ගේ කර මත තබාගන්නා බවත් ඇය කීවාය.

සබීනා යූසුෆ්ගේ වයස 25 ක් වන අතර ඇය ව්‍යවසායිකාවක් වන අතර සකාරියා යූසුෆ් සමඟ විවාහ වී සිටී. ඇය ශ්‍රී ලංකා/ඩෙන්මාර්ක යන ද්විත්ව පුරවැසිභාවය සහිත කෙනෙකි.

1980 ගණන්වල මිසිස් ඇමරිකා තරගයට සමගාමී ජාත්‍යන්තර තරගයක් ලෙස ආරම්භ කරන ලද මිසිස් වර්ල්ඩ් ඇමෙරිකානු තරගයක් ලෙස ප්‍රකටය. මෙය වාර්ෂිකව පැවැත්වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ සංවිධායකවරයා වන්නේ චන්දිමාල් ජයසිංහය. සාමාන්‍යයෙන් වාර්ෂිකව ගාස්තුවක් ගෙවා දේශීය තරගය පැවැත්වීමට අවසර ලබා ගත හැකිය. යම් රටකට එම අයිතිය ලබා ගැනීමට ඇමෙරිකන් ඩොලර් 50,000ක් පමණ වැය කළ යුතු වේ. කෙසේ වෙතත්, නිල වශයෙන් මෙම ගාස්තුව ප්‍රසිද්ධ කර නොමැත.

කෙසේ වෙතත් මෙවැනි තරගයක් සංවිධානය කිරීමේදී දේශීය වශයෙන් විවිධාකාර වෙළඳ නාමවලින් අනුග්‍රහ මුදල් ලබාගත හැක. හෝටල්, ඇඳුම් සන්නාම මෙන්ම වෙනත් සන්නාම හිමිකරුවන්ගෙන්ද මුදල් ලබාගත හැකි අතර, තරගවලට සහභාගීවන තරගකාරියන් සමඟ ගිවිසුම්වලට එළැඹීමේ හැකියාවද ලැබේ. එවැනි අනුග්‍රහයන් මෙන්ම, මෙවැනි තරගයක විකාශන අයිතියේ සිට අනෙකුත් කටයුතුවලින්ද මුදල් ඉපැයීමට සංවිධාකයන්ට හැකියාව ලැබේ.

ජයග්‍රාහිකාවන්ව බොහෝ විට වෙළඳ නාම ප්‍රවර්ධනයට සහ සන්නාම ප්‍රවර්ධනයට යොදාගත හැක.

මෑත කාලයේදී මිසිස් ශ්‍රී ලංකා 2020 තරගයේදී කිරුල කැරොලයින් ජුරිගෙන් ඉවත් කොට පුෂ්පිකා ද සිල්වාට ලබා දීමෙන් ආන්දෝලනයක් ඇති විය. 2024 ඔක්තෝබර් මාසයෙදී ගල්කිස්ස දිසා අධිකරණය විසින් මෙම තරගය ගැන තීන්දුවක් දුන් අතර, අධිකරණයක් විසින් රූප රාජිණී තරගයක ජයග්‍රහණය පිළිබඳ තීන්දු කිරීමට සිදු වූ අපූරු සිදුවීමක් බවට එය පත් විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading