කථානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුව ඉඩ නොදෙයි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 දින විවාදයට නොගන්නා බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති බිමල් රත්නායක පවසයි.

කථානායක ඇතුළු ඉහළ ධූර දරන පිරිස්වලට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමේදී එය සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳය පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන්ව තිබෙන බවද, ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාශ භංග යෝජනාව සංශෝධනය කර ලබාදෙන ලෙස විපක්ෂයට කළ දැනුම්දීම අනුව එසේ සිදුනොකළ නිසා නොවැම්බර් 03 වැනිදා ඒ සම්බන්ධයෙන් වන විවාදය නොපවත්වන බවද ඇමති බිමල් රත්නායක පවසයි.

එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව විපක්ෂය විසින් කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබාදෙන්නේ නම් එය අයවැය කාලයට පෙර විවාදයට ගැනීමට කටයුතු කළ හැකි බවයි.

Author

Leave a Reply

Related Posts