කඩවත මහකඩේ හන්දිය ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ත්රීරෝද රථයකට පොලීසිය එල්ල කළ වෙඩි ප්රහාරයකින් එහි ගමන් ගත් 16 හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයෙකු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (31) පස්වරුවේ කඩවත, මහකඩේ හන්දිය ආශ්රිතව රථ වාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්රීරෝද රථයකට නතර කරන ලෙසට සංඥා කර ඇති බව පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් ලබාදුන් නියෝගය නොතකා අදාළ ත්රීරෝද රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදී නිලධාරීන් විසින් රථය දෙසට වෙඩි ප්රහාර එල්ල කර තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් ත්රීරෝද රථය තුළ සිටි 16 හැවිරිදි පාසල් වියේ පසුවන බාලවයස්කාර දරුවාගේ පිටුපස ප්රදේශයට වෙඩි උණ්ඩ දෙකක් එල්ල වී තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව කඩිනමින් ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය මඟින් පුළුල් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
