මත් පැන් මිල ඉහළට – සමාගම් කිහිපයකින් නව මිල ගණන් නිවේදනය කෙරේ

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව, දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම මිල සංශෝධනයට අනුව මෙරට වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් සහ එහි බෝතල් භාගයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත. මීට අමතරව Old Arrack බෝතලයක මිල රුපියල් 50කින් වැඩි කර ඇති අතර, විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, මෙම මිල සංශෝධනය යටතේ බියර් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැත.

කෙසේ වුවද සමාගම් පවසන්නේ මීට මාසයකට පමණ ඉහතදී ද වෙනත් මත්පැන් වර්ග කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading