පොලිස් නිලධාරීන්ට මහින්ද දුන් ඩබල් ප්‍රොමෝෂන් කැන්සල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගම් ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කිරීම සහ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් උසස්වීම් ලබාදුන් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනකුගේ නිලයන් පහත හෙළීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවය කරමින් සිටි අදාළ නිලධාරීන් තිදෙනා යළි ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා පහත හෙළීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

එම නිලධාරීන් සහ ඔවුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති දින පහතින් දැක්වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.පී.එස්. ගුණතිලක – 2006.01.01
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත – 2005.01.01
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.පී. පෙරේරා – 2006.01.01

Author

Leave a Reply

Related Posts