‘කූඩල් තින්නෙයි’ ප්‍රජාතන්ත්‍රවාදය දෙස හැරී බැලීමක්

නාට්‍ය කලාව යනු සැමවිටම උද්‍යෝගය ගෙන දෙන කලාවකි. විශේෂයෙන්ම එය සමාජයීය දේශපාලන ආර්ථික කාරණා විකල්ප ස්වරූපයකින් හෝ පර්යේෂණාත්මක ප්‍රවේශයකින් යුතුව සිදු කරන විට ලැබෙන පෙළඹවීම සුවිශේෂී වේ.

ඒ අනුව, පසුගිය 19, 20 සහ 21 යන දිනවල Theatre Mates නාට්‍ය කණ්ඩායම, ‘කූඩල් තින්නෙයි’ යන නමින් මලයග ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නැවත සිතා බැලීමට පොළඹවන නාට්‍යමය ඉදිරිපත් කිරීමක් සිදු කර තිබේ. මෙයට සහභාගී වූවන් තම අදහස් ලිඛිතව මෙන්ම රංගනයන් ඔස්සේ ද ඉදිරිපත් කිරීම් සිදු කර ඇත.

මෙහිදී නාට්‍යය, හුදෙක් රංගන ස්වරූපයකින් ඔබ්බට ගොස් ක්‍රියාකාරී ස්වරූපයකට පරිවර්තනය වී ඇති අතර, ප්‍රේක්ෂකයන් සහ රංගන ශිල්පීන් සැවොම එකම තලයක සිට තම අදහස් ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලින් හෙබි අවකාශයක් බවට පත් ව තිබේ.

දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ, තවමත් රටේ බහුතරයක් ජනතාවට මූලික අයිතිවාසිකම්, යුක්තිය සහ මානව ගෞරවය අහිමිව පවතින්නේ මන්ද යන ප්‍රශ්නය අද වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මලයහ ජනතාව, නිදහසින් වසර හැත්තෑවක් ඉක්ම ගියද තවමත් ඉඩම් අයිතිය, විධිමත් නිවාස, සාධාරණ වැටුප් ඇතුළු කම්කරු අයිතිවාසිකම් සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමින් සිටිති. තම ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සැබෑ ලෙසම දායක වීමට ඔවුන්ට ඇති ඉඩකඩ තවමත් සීමිතය.

මේ පසුබිම තුළ, “අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අප නැවත සිතා බැලිය යුතු කාලය පැමිණ නැද්ද?” යන්න ප්‍රශ්න කරමින් නීතිය හා සමාජභාරයේ (LST) “ජනතා පාර්ලිමේන්තුව” වැඩසටහන සහ Theatre Mates සංස්කෘතික කණ්ඩායම එක්ව අපූරු නිර්මාණාත්මක ප්‍රවේශයක් ආරම්භ කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading