(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි) දශක ගණනාවක් තිස්සේ ලැයින් කාමරවල අතිශය දුෂ්කර හා අභියෝගාත්මක ජීවිතයක් ගත කළ ශ්‍රී ලංකාවේ වතුකරයේ ජනතාවට ස්ථිර හිසට සෙවණක් සහ භූමියේ අයිතිය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක ඉන්දීය ආධාර නිවාස ව්‍යාපෘතිය (Indian Grant Housing Programme), වත්මන් වන විට බරපතල නීතිමය සහ පරිපාලනමය අර්බුදයකට මුහුණ දී සිටී. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් (Ministry of Plantation and Community Infrastructure) ලබාගත් නිල තොරතුරුවලට අනුව, ඉන්දීය ආධාර යටතේ ඉදි කර අවසන් කරන ලද නිවාසවල පදිංචි පවුල් 920 කට නීතිමය ගැටලු හේතුවෙන් මෙතෙක් හිමිකම් ඔප්පු (Land Deeds/Titles) ලබාදීමට නොහැකිවී තිබෙන බවට අනාවරණය වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්,මස්කෙලියේ පදිංචි පෙරුමාල් පොල්රාජ් (70) ද ඒ ආකාරයෙන්ම තම නිවසට හිමි කිසිදු අයිතිමය ලියවිල්ලක් හිමිව නැති වතු කම්කරුවෙකි. වසර ගණනාවක් ලයින් කාඹර තුළ ජීවත්වූ ඔහුගේ ලයිම ගිනී ගැනීමට ලක්වීමේ ප්‍රතිපලක් ලෙස තමන්ට ලැබුණු නිවසට නිසි අයිතියක් තවමත් නොලැබීම ගැන ඔහු අදහස් දැක්වුයේ ඉතා කණගාටුවෙනි ‘’ අපි හිටපු ලයිම ගිනි ගත්තා පස්සේ වසර කීපයකට පසු දැන් අපි මේ නිවාස අපිට ලැබුණා, අපිට ලබාදුන්නෙත් නිසි අයුරින් අවසන් කර නොතිබූ නිසි මාර්ග පහසුකම්වත් නැති නිවාස තාමත් එහෙමයි ඒ වගේම දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු 09කට ආසන්නයි අද වන තුරු මා ඇතුළු කීපදෙනෙකුට තම කිසිදු අයිතිවාසිකම් ලියවිල්ලක් මේ ගෙදරට දීලා නෑ’’ ඔප්පු සැකසීමේ සහ බෙදාහැරීමේ මන්දගාමී පියවර වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මගින් ලබාදී ඇති RTI/2026/16 දරන නිල ලේඛනයට අනුව, ඉන්දීය ආධාර නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර (නිවාස 4,000) සහ දෙවන අදියර (නිවාස 10,000) යටතේ ඉදි කළ නිවාස අතුරින් නිවාස 4,151 ක් සඳහා ඔප්පු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවතිබේ. කෙසේ වෙතත්, එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍ර ප්‍රගතිය පවතින්නේ අතිශය මන්දගාමී…