RMV ප්‍රධානියා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්වරයෙක් පත්කරයි…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත්කර තිබේ.

ඒ අනුව නව කොමසාරිස් ජනරාල්වරයා සිය නිල රාජකාරි අද (සැප්තැම්බර් 01) කොළඹ නාරාහෙන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සිදුකර තිබේ.

එම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ද සහභාගි වී තිබේ.

Author

Related Posts