පෝර්ට්සිටියේ ද්විතීක ව්‍යාපාර 68කට බදු සහන දුන් අති විශේෂ ගැසට් අනුමැතියට පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ බදු සහන ලබාදුන් ද්විතීක ව්‍යාපාර 68ක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව අගෝස්තු 31 පැවති කැබිනට් මණ්ඩලයට මුදල්, ක්‍රමසම්පාදනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

ඊට අදාළ කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වන්නේ බදු සහන ලබාදීම සඳහා අති විශේෂ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති සමාගම් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්වීතික ව්‍යාපාර ලෙස නම් කිරීමට 2026 මාර්තු 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි.

එහෙත් එම දිනට අදාළ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ නිවේදනයේ එවැනි අනුමැතිය ලබාදීමක් පිළිබඳ සඳහන් වන්නේ නැත.

Author

Related Posts