ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුව ඇති වංචා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ගතයුතු ඉදිරි පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (සැප්තැම්බර් 02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ බව දැනුම් දී ඇත.
එහිදී අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළ උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ගත යුතු ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති බවයි.
