එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙට (සැප්තැම්බර් 08) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මෙන්ම විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින්ද සිදුකර තිබේ.
එම ඉල්ලීම් බන්ධනාගාරයට යොමුකර ඇත්ද නැද්ද යන්න පිළිබඳව What News කථානායකවරයාගෙන් විමසීමට ඇමතුමක් ලබාගැනීමේදී ඔහුගේ ජංගම දුරකතනයට පිළිතුරු ලබාදුන් පෞද්ගලික ලේකම්වරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඔහු නොදන්නා බවත් හා අපගේ විමසීම කථානායකවරයාට යොමු කරනු ලබන බවත්ය.
