පාතාලයකුට පාස්පෝට් හැදූ ආගමන විගමන ලොක්කකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකුට අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී ඊයේ (සැප්තැම්බර් 17) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු අවුරුදු 42ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවද, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading