කොත පළන්දන්න ඇප ඉල්ලූ නාමල් තවදුරටත් රිමාන්ඩ් – ඇප නියෝගය 29 වනදා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සඳහන් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

නඩු විභාගය අතරතුර සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින්, හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ කොතක් පැළඳවීමේ පුණ්‍යකර්මයට සහභාගී වන ලෙස එම විහාරස්ථානයේ නායක හිමියන් විසින් මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලද ආරාධනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම ආරාධනාව ඇප ලබාදීම සඳහා සලකා බැලිය හැකි විශේෂ කරුණක් ලෙස පිළිගන්නා ලෙස නාමල් රාජපක්ෂගේ පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

නමුත් එය විශේෂ කරුණක් ලෙස සැලකිය නොහැකි බව සඳහන් කරමින් ජනක් ද සිල්වා විනිසුරුතුමාගේ SC/Contempt/3, 4, 5 2025 තීන්දුව උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර විරෝධය පළකර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading