එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම විවේචනය කරමින් විමල් වීරවංශ අනුරාධපුර රැලියේදී සිදුකළ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (සැප්තැම්බර් 18) පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති අතර සැප්තැම්බර් 12 දින අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය ඒ සඳහා හේතුවී තිබුණි.
එම ප්‍රකාශයට අදාළ රූපරාමු ලබාගෙන එම විමර්ශනය සිදුකරන ලෙසද අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර තිබුණි.
