මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිඳුගේ සමීපතමයකු යැයි සැකකෙරෙන පුද්ගලයකු හා ඔහුට ආධාර අනුබල දුන් කාන්තාවක මත්ද්‍රව්‍ය, මුදල් හා උපකරණ තොගයක් සමඟ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (සැප්තැම්බර් 17) රාත්‍රියේ රත්මලාන ගුවන් තොටුපල පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව හෙරෝයින් ග්‍රෑම් 15ක් හා මිලි ග්‍රෑම් 55ක්, රුපියල් ලක්ෂ 63ක්, මුදල් ගණනය කරන විද්‍යුත් යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය කිරීමට යොදාගත් කුඩා තරාදියක් ආදිය තිබී ඇත. එහිදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් අවුරුදු 34ක සැකකරු හා අවුරුදු 26ක සැකකාරිය පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය නිවේදනය කරයි.
