දිලිත්ගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 30දා

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ගොනු කළ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (සැප්තැම්බර් 18) නිවේදනය කර ඇත.

අදාළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading