(අසේල කුරුළුවංශ)
විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව 2028 දී රට වැටෙන බවට රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා සිදු කරන ප්‍රකාශ වලට කිසිදු පදනමක් නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඉන්දියාවේ යාචකයින්ද මුදල් දෙන තත්ත්වයට බංකොලොත් වී තිබූ රට අද නේපාලයට ඩොලර් මිලිනයක් පරිත්‍යාග කිරීමට තරම් ආර්ථිකය අතින් ශක්තිමත් වී තිබෙන බවද ඒ මහතා කීය.
වත්තේගම පැවැති රැස්වීමකදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙසේද පැවසුවේය.
ඉන්දියාවේ යාචකයෝ අපිට මුදල් දීම සම්බන්ධව සම්පූර්ණ ගෞවරයක් ඇතිවයි මම මේ ප්‍රකාශ කරන්නේ රට පත්ව තිබූ තත්ත්වය පෙන්වීමටයි.
බංගලාදේශයෙනුත් අපි ණය ගත්තා. ගංවතුරින් පීඩාවට පත් නේපාලයට අපි ඩොලර් මිලියනක් දෙන්නේ ඇමරිකාව ඩොලර් මිලියන 1/2 ක් ලබා දෙන පසුබිමකයි. වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදී තිබියදී ඇතැම් දිනවල ඩොලර් මිලියන 82 ක වගේ මුදලක් රටින් පිටට ගියා. එසේ තිබියදීත් අපි ආර්ථිකය කළමනාකරණය කළා. පසුව මේක පාලනය කරන්න යම් බදු පැනවීමක් හඳුන්වා දුන්නා. දැන් ඩොලර් මිලියන 04 ක වගේ මුදලක් භාණ්ඩ ආනයනය සඳහා වැය වෙනවා.
චීනයේ අති දැවැන්ත ආර්ථිකයක් තිබෙනවා. අපේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 යි. චීනයේ මෙම අගය ඩොලර් බිලියන 3500 ක්. විදේශ සංචිත වල පවතින ශක්තිමත් භාවය අතින් ලොව දෙවැනි තැන ඉන්නේ ජපානය සතු සංචිත වටිනාකම ඩොලර් බිලියන 1100 යි. මෙහි තුන්වන තැන ඩොලර් බිලියන 900 ක් හිමි ස්වස්ටර්ලන්තයට ලැබෙනවා. අපේ කලාපය නියෝජනය කරන ඉන්දිවා සිව්වන තැනට පත් වෙමින් ඩොලර් බිලියන 690 කට හිමිකම් කියනවා. ඉරාන යුද්ධය ආරම්භ කරන්න කලින් ඉන්දියාව සතුව විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 720 ක්. යුද්ධය නිසා මේක එන්න එන්න අඩු වුණා. තෙල් හා රන් ආනයනය සඳහා වාර්ෂිතව විදේශ විනිමය බිලියන ගණනක් ඉන්දියාවෙන් පිටට ඇදී යනවා. මේ සංචිත අඩුවෙන එක පාලනය කරන්න ඉන්දීය අගමැතිවරයා කළේ යුද්ධය අවසන් වෙනකල් රන් ආයනය කිරීම සීමා කරන්න කියලා ඉල්ලීමක් කළා. විදේශ සංචාර හැකි තරම් අඩු කරන්න කියලා ජනතාවට කිව්වා.
තෙල් ආනයය කරන්න අපි ලොකු මුදලක් වැය කරනවා. මේකට විසඳුමක් විදිහට අපි කළේ QR කෝඩ් එක හඳුන්වා දීම විතරයි. අපි අපේ සංචිත කඩා වැටෙන්න නොදී ආරක්ෂා කළා. මෙහෙම තියෙත්දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා කියනවා 2028 දී ණය ගෙවා ගන්න රට වැටෙනවා කියලා. මේක කිසිදු පදනමක් නැති පට්ටපල් බොරුවක්.
ඉදිරි අවුරුදු 05 කාලය සැලකීමේදී ගිය අවුරුද්දේ තමයි අපිට වසරකදී ගෙවන්න තිබුණ වැඩිම ණය මුදල ගෙවන්න තිබුණේ. ඒ ඩොලර් බිලියන 3.9 ක්. අපි ඒක ගෙව්වා. මේ වසරේ ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 3.7 යි. ලබන වසරේ ඩොලර් බිලියන 2.5 යි. 2028 දී ඩොලර් බිලියන 3.3 යි. 2030 දී ඩොලර් බිලියන 3.5 යි. 2031 දී ඩොලර් බිලියන 3.4 ක්ද 2032 දී ඩොලර් බිලියන 3.3 ක්ද ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන ලොකුම ගාන පහුගිය අවුරුද්දේ ගෙව්වා නම් මේ වනවිට රටේ ආදායම් වැඩ වෙනවා නම් අපිට ඉදිරි ණය මුදල් ගෙවන්න බැරි වෙන්නේ කොහොමද ?. වැරදි දත්ත මත තමයි රනිල් වික්‍රමසිංහ මේ වගේ බොරු ප්‍රකාශ කරන්නේ.
