ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ වශයෙන් පත්කරන ලද ගනක හේමචන්ද්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබේ.
වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලක කළමනාකාර අධ්යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ ලිඛිත නියෝගය ලබාදී තිබෙන බව වාර්තා වේ.
මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් කළමනාකාර අධ්යක්ෂවරයාට එරෙහිව වරාය වෘත්තීය සමිති විසින් එල්ල කරන ලද දූෂණ චෝදනා හේතුවී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
තනතුරෙන් ඉවත්කරන ලද වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂවරයා එම තනතුරට පත්කර තිබුනේ 2024 වසරේදී වන අතර එම අවස්ථාවේ වරාය විෂය භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කර තිබුනේ විජිත හේරත් මහතාය.
