රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?
ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත.
ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම සාකච්ඡාවේදී මැතිවරණයකට මුල් ලබා දීම පිළිබඳ කතාබහ කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්ය. කෙසේ වෙතත් අප කළ විමසීම්වලදී වාර්තා වුණේ, ජනාධිපතිවරණයක් ලබන වසරේ මුල පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූල පසුබිමක් නොමැති බවයි.
ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේයැයි මව්බිම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවද එහි වාර්තා කර ඇත. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරී...