IMF ණය වැඩසටහනෙන් පසු තවත් ගිවිසුමකට යනවද? තීරණය ගන්න කමිටුවක්!

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව තවත් ගිවිසුමකට එළඹිය යුතුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, වත්මන් IMF වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව රටේ ආර්ථිකයට ගැළපෙන නව වැඩසටහනක අවශ්‍යතාව සහ එහි ස්වභාවය පිළිබඳව සලකා බලමින් සිටින බවයි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහන ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතයි.

එමෙන්ම වත්මන් වැඩසටහන මඟින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ඉදිරි කාලයේදී ආර්ථික වර්ධනය සහ පරිවර්තනය ඉලක්ක කරගත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ස්වභාවික ව්‍යසන හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳවද ඉදිරි තීරණ ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවයි.

Author

Leave a Reply

Related Posts