අය වැය 2027: ආයෝජකයින්ට රජයේ ඉඩම් ලබාදීමේදී සිදු වන ප්‍රමාදයන් වැළැක්වීමට විශේෂ කමිටුවක්

මෙවර අය වැයේ ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික ස්ථාවරයේ සිට පරිවර්තනය කරා යොමු කිරීමයි. ආයෝජන, අපනයන, ඵලදායී රැකියා, සමාජ සුබසාධන සහ තිරසාරත්වය යනාදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිගාමී පර්වතනයක් අත්පත් කර ගැනීම බව ජනාධිපතිවරයා පැවසුවා .

මෙහිදී ආයෝජන ප්‍රවර්ධනයේදී ඊට අදාළව ආයෝජකයන්ට රජයේ ඉඩම් ලබා දීමේදී සිදු වන ප්‍රමාදයන් වැලක්වීමට අමාත්‍යංශය විසින් කමිටුවක් පත් කරන බව මුදල් අමාත්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර අය වැය කතාව ඉදිරිපත් කරමින් පැවසුවේය.

මෙහිදී ආයෝජන ප්‍රවර්ධන කටයුතු වේගවත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ආයෝජකයින් සඳහා රජයේ ඉඩම් ලබා දීමේදී දැනට සිදුවන පරිපාලනමය ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා මෙම විශේෂ කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

Author

Leave a Reply

Related Posts