Wednesday, October 4

Author: Hansi Manawadu

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා!  අරුන්දික කියයි!
Top News

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! අරුන්දික කියයි!

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප හා කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පවසා ඇත්තේ ජුලි 21 දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන ඇතැයි ද ඔහු පවසා ඇත.  මේ වන විට කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කර තිබෙනවා. ඒම නිසා අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අප ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා...
කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්
Top News

කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

මධ්‍යම අධිවේගී මාර්ගෙය් පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඩු කරඳ ගස වල දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි බෙම්මුල්ල මහත්මිය පොලිසියට නියෝග කර ඇත. එම ගස වලදමා තිබෙන ස්ථානය ස්ථිරවම හඳුනා ගෙන එය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත වෙත මහේස්ත්‍රාත්වරිය විශේෂ නියෝගයක්ද නිකුත් කර ඇත. දාරළුව ප්‍රදේශයේ තිබූ එම පඩු කරඳ ගස කපා ඉවත් කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය බී වාර්තාවක් මගින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර, එම නඩුව ජුලි 21 දින නැවත කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කර ඇත. පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු...
ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා
Politics, Top News

ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා

මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ මැයි 09 රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය ආරම්භ කර ඇති බවත් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවත් දිවයින පුවත්පත ජුලි 18 දින වාර්තා කර ඇත. නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත් අදාල පුවත්පත වාර්තා කර ඇති අතර ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවත් පුවතේ සදහන් කර ඇත. අදාල විනාශ වු දේපළ, නිවාස සහ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් රජය පත් කර තිබුණු අතර එම කණ්ඩායම් අ...
සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!
Top News

සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!

ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ජුලි 16 දින පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත පවසා තිබුණි. ඇඹිලිපිටිය ඇතුළු සබරගමුව පළාතේ සහ රට පුරා තවත් රෝහල් රැසක විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා දැනුවත් කළද සෞඛ්‍ය සේවය කඩා වැටීමට ඉඩදී ඔවුන් නිහඬව සිටීම ගැටලුවක් බවත් ඒ මහතා පවසා තිබුණී. 'විදුලි බිල් නොගෙවීමේ අර්බුදය අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට සැකයක් තියෙනවා මෙය වුවමනාවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැට්ටවීමට ගෙන යන වැඩපිළිවෙළක් කියා. මේ විදුලි බිල් ඊයේ පාව්චිචි කරලා අද ගෙවන්න දාපුවා නෙවෙයි. ඇතැම් රෝහල්වල විදුලිය විසන්ධි කිරීමට පවා තීරණ ගත්තා. නමුත් රජය...
විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවන්න නියෝග
Top News

විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවන්න නියෝග

ලංකා විදුලිබල මණ්ඩලය 2023 පෙබරවාරි 15 වැනි දින විදුලි බිල ඉතා අසාධාරණ ලෙස සියයට 60 කින් ඉහළ දැමීමෙන් රටේ ඉතා අඩු ආදායම්ලාභී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා ජුලි 19 වන දින අදාල නඩුව යලි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. මෙම නියෝගය සිදු කර ඇත්තේ ජුලි 17 දින එම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන් හමුවේදී කැඳවූ අවස්ථාවේදී ය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිසි අනුමැතියකින් තොරව එහි සාමාජිකයන් කිහිප දෙනකු දේශපාලන අවශ්‍යතා මත සිදුකළ එම අසාධාරණ බිල ඉහළ දැමීම නිසා පසුගිය ජුනි 30 වැනිදා වන විට රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35 කට අධික මුදලක් අසාධාරණ ලෙස උපය...
බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64 ක් ඉවතට
Top News

බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64 ක් ඉවතට

තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත්, ඖෂධ හා වෛද්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ජූලි 17 දින විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර තිබුණි. හදිසි වෛද්‍ය  ප්‍රතිකාර ඒකකවල සහ රුධිර පීඩන තත්ත්වයන් පවත්වාගෙන යෑම සඳහා භාවිතා කරන dobutamine 'නමැති ඖෂධය ද තත්ත්ව පරීක්‍ෂණවලදී ගුණාත්මකභාවය අඩු බවට ලද සැකය මත වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත්කොට ඇත. හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලදී හෘදය වේගය අඩු වන අවස්ථාව හා රුධිර පීඩන වේගය අඩුවන අවස්ථාවේදී මෙම ඖෂධය බොහෝ විට භාවිතා කරන අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර දැඩිසත්කර ඒකක හා එම රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ කාණ්ඩවල මෙම ඖෂධය අත්‍යවශ්‍ය සාධකයකි. මෙයට අමතරව ඇස්ප්‍රීන්, බෙටඩීන්, කොඇමොක්සික්ලෙව්, මෙට්‍රනයිඩසෝල්, පිපරසිලින්, අක්ෂි ...
බුස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 16ක් රටින් ගිහින්
Top News

බුස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 16ක් රටින් ගිහින්

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට ඇප ලබා ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ ප්‍රබලයන් අතරින් 16 දෙනෙක් පමණ රටින් පළා ගොස් ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත. බුස්ස බන්ධනාගාරයේ රඳවා සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි චෝදනා ලැබු විසිපස්දෙනෙකු අතරින් 16 දෙනෙකු මෙසේ පළා ගොස් ඇති බව බුද්ධි අංශ මගින් සිදු කළ විමර්ශණයකින් අනතුරුව හෙළි වී ඇති බව වාර්තා වේ සදහන් කර ඇත. අදාල පිරිස වසර දෙකක කාලයක් තුළ ඇප ලබා ගෙන ඇති බවත් එහින් බහුතරයක් ව්‍යාජය ගුවන් බලපත්‍ර මඟින් හා බෝට්ටු මඟින් මෙරටින් පලාගොස් ඇති බවත් වාර්තාවේ සදහන් කර ඇත. ගණේමුල්ල සංජීව, කන්ජිපානි ඉම්රාන් සහ ආමි සම්පත් වැනි ප්‍රධාන පෙළේ පිරිසක් මෙලෙස රටින් පලා ගිය පිරිසේ සිටින බව වාර්තාවේ සදහන් කර ඇත. ...
එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..
Top News

එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..

බඩේ ඇති වූ අජීරණයක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ 21 හැවිරිදි තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බව අදාල තරුණියගේ මව චෝදනා කර ඇත. අදාල තරුණියව කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර එවා තිබුණු බවත් ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් අදාල තරුණීයගේ මව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් පවසා ඇත. "මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ ව...
මරණය වෙනුවට යහපත් කොන්දේසි වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ – කල්ප මධුරංග
Opinion

මරණය වෙනුවට යහපත් කොන්දේසි වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ – කල්ප මධුරංග

ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. පසු මැයි 11 වනදා සිට සමාජය තුළ දැඩි ලෙස කතා බහට ලක් වෙන මාතෘකාවක් වන්නේ කුප්‍රකට ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ ආර්. රාජකුමාරි නම් ගෘහ සේවිකාව ඝාතනයට ලක් වීමයි.  මෙම සිද්ධියට අදාළව දැනට නඩු විභාගයක් සිදු වෙමින් පවතී. නමුත්  එම නඩු විභාගය දිනෙන් දින කල් යාමෙන් සිදු වන්නේ යුක්තිය ප්‍රමාද වීමයි. ආර්. රාජකුමාරිගේ සිද්ධියේදී ඇයගේ ස්වාමි පුරුෂයා කරනු දක්වමින් කියා සිටියේ යට පහරදී ඇත්තේ වැලිකඩ පොලිසියේ නිළධාරීන් විසින් බවයි. මක් නිසාද ඔහු රාජකුමාරිට අවසන් ඇමතුම ලබා ගන්නා අවස්ථාවේ එම ඇමතුමට සුධර්මා නෙත්ති කුමාර පිළිතුරු දුන් බවත් පසුව රාජ කුමාරිට කතා කිරීමට දුරකථනය දුන් බවත් පැවසීය. පසුව රාජකුමාරී විසින් අයගේ ස්වාමි පුරුෂයා හට පවසා ඇත්තේ පොලීසිය තමාට පහර දෙන බවත්, ඔහුට පැමිණ...
පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර
Opinion

පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ. මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙ...