රන්ජන් එන පක්ෂය අලිරාජාගේ

දැන්වීම් ප්‍රචාරක ව්‍යාපෘතියකින් පසු හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා විසින් මිලදී ගත් බව අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

එම පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ඇති තොරතුරු අනුව එහි ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගී වු රන්ජන් රාමනායක, තිලකරත්න ඩිල්ෂාන් හා හිටපු මන්ත්‍රි වඩිවේල් සුරේෂ්ගේ නම් එහි සදහන් වන්නේ නැති බව පුවතේ සදහන් කර ඇත.

එම පක්ෂයේ මැතිවරණයට තරඟ කිරීම සදහා ජනප්‍රිය හා දේශපාලන පසුබිමක් ඇති පිරිසක් මේ වන විටත් එකතු කරගෙන ඇති බව වාර්තා වන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සදහා හිටපු ඇමතිවරයෙකු වූ පී. චන්ද්‍රසේකරන්ගේ දියණිය වන අනූෂා චන්ද්‍රසේකරන් ද එකතු වී ඇත. ඇය කඳුරට ජනතා පෙරමුණේ නායිකාව වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading