මධ්‍යම අධිවේගී මාර්ගෙය් පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඩු කරඳ ගස වල දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි බෙම්මුල්ල මහත්මිය පොලිසියට නියෝග කර ඇත.
එම ගස වලදමා තිබෙන ස්ථානය ස්ථිරවම හඳුනා ගෙන එය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත වෙත මහේස්ත්‍රාත්වරිය විශේෂ නියෝගයක්ද නිකුත් කර ඇත.
දාරළුව ප්‍රදේශයේ තිබූ එම පඩු කරඳ ගස කපා ඉවත් කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය බී වාර්තාවක් මගින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර, එම නඩුව ජුලි 21 දින නැවත කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කර ඇත.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ තීන්දුවකට පිටු පාමින් විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුළ මෙම දුර්ලභ ගණයේ ගස හොරෙන් කපා වල දමා ඇති බව සඳහන් පෙන්වා දී ඇත.
පඩු කරඳ ශාකය වඳ වී යන ශාඛ වර්ගයක් බවට රතු දත්ත පොතේ සඳහන් කර ඇති බවත් කැබිනට් තීරණයකට අනුව නීති විරෝධීව මෙම ගස හොරෙන් කපා වල දමා ඇති බව දැන ගන්නට ලැබී ඇති බවත් ඔහු අධිකරණයට පෙනවා දී ඇත.
මෙහිදී අධිකරණය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත පවසා ඇත්තේ, කැබිනට් තීරණයකට අනුව ගස කපා ඉවත් කළ බව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම් දුන් බවය.
ජුලි 21 දින උදෑසන අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා විද්‍යූත් තැපෑලෙන් ඒ බව දන්වා සිටි බවද ඔහු ප්‍රකාශ කර ඇත. එම ගස නැවත ගොඩ ගැනීමක් සිදු කරන්නේනම් ඒ සඳහා අවශ්‍ය සම්පත් යන්ත්‍ර සූත්‍ර තම දිසා වන කාර්යාලය සතුව නොමැති බවද දිසා වන නිලධාරීවරයා අධිකරණයට දැනුම් දී ඇත
ගස කපා වල දමා ඇති ස්ථානය පිළිබඳ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම්වත්ව සිටින හෙයින් එම ගස ගොඩ ගැනීම සදහා නිෂ්චිත ස්ථානය හඳුනා ගෙන ලබන 24 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසටයි මහේස්ත්‍රාත්වරිය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කර ඇත.
