ඇමති 04ක් හා නියෝජ්‍ය ඇමති 19ක් රජයේ නිල නිවාසවල

ආණ්ඩුවේ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් රජයේ නිල නිවාස භාවිතා නොකරන බව ප්‍රකාශ කළද කැබිනට් ඇමතිවරුන් 04 දෙනෙකු හා නියෝජ්‍ය ඇමතිවරුන් 19 දෙනෙකු රජයේ නිල නිවාස භාවිතා කරන බව අනාවරණය වේ.

එසේ අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගෙන් ජුනි 25 වැනිදා අසන ලද ප්‍රශ්නයකට සභාගත කරන ලද පිළිතුර අනුවය.

එම පිළිතුර අනුව ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න, කාන්තා සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් හා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස භාවිතා කරයි.

නියෝජ්‍ය ඇමතිවරුන් වන නාමල් කරුණාරත්න, ආර්එම් ජයවර්ධන, වෛද්‍ය නාමල් සුදර්ශන, වසන්ත ප්‍රියතිස්ස, ගමගෙදර දිසානායක, ටීබී සරත්, නලීන් හේවගේ, රත්න ගමගේ, අරුන් හේමචන්ද්‍රා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිල නිවාස භාවිතා කරයි.

නියෝජ්‍ය ඇමතිවරුන් වන අරුණ ජයසේකර, ප්‍රසන්න කුමාර ගුණසේන, ජනිත් රුවන් කොඩිතුවක්කු, ඉල්යාස් අර්කම්, ඇන්ටන් ජයකොඩි, සුන්දරලිංගම් ප්‍රදීප්, මුදිත හංසක විජේමුණි, උපාලි සමරසිංහ, රුවන් චමින්ද රණසිංහ, දිනිඳු සමන් කුමාර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කොළඹ බම්බලපිටියේ ලොරිස් පාරේ ඇති ඇමතිවරුන්ට මෙතෙක් ලබාදුන් නිල නිවාස භාවිතා කරයි.

Author

1 Comment

Comments are closed.

Related Posts