තරිඳු ජයවර්ධන
දිත්වා ආපදාවේදී බෙදාහැරීම සඳහා ලබා දුන් රුපියල් කෝටි ගණනක් වටිනා ආහාර ද්රව්ය සහ වෙනත් භාණ්ඩ මහජනතාවට බෙදා හැරීම නොකර ගබඩා කර තැබීයැයි කියන සිද්ධියක් ගැන ගම්පොල උඩපලාත ප්රදේශීය ලේකම්වරියට එරෙහිව සංවිධානාත්මක ප්රචාරයක් යමින් තිබේ.
මෙය ඉතා සැලසුම් සහගත කටයුත්තක් වන අතර එහි අරමුණ ප්රාදේශීය ලේකම්වරිය ගම්පොල උඩපලාතෙන් ඉවත් කරවීමය.
පසුගිය දිනවලදී විගණකාධිපති දෙපාර්මේන්තුවේ නිලධාරීහු පිරිසක් ගම්පොල උඩපලාත ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ විගණන කටයුතු කරමින් සිටියහ. මීට තෙදිනකට පෙර එලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පිටව ගොස් තිබියදී සවස්වරුවේ දිසාපතිගේ නියෝග මත යැයි කියමින් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අභ්යන්තර විගණන අංශයේයැයි කියාගන්නා තිදෙනකු පැමිණ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනක් සීල් තබා තිබේ.
මේ සිද්ධිය වන අවස්ථාවේ ප්රාදේශීය ලේකම්වරිය සිට ඇත්තේ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ රැස්වීමකය.සාමාන්යයෙන් කාමරයක් සීල් තැබිය හැක්කේ නිසි බලයක් සහිත නිලධාරීන්ට වන අතර දිසාපතිගේ නියෝජිතයන්ට එවන්නක් කිරීමේ හැකියාවක් නැත. එසේ තිබියදී පැමිණි නිලධාරීන් තිදෙනාගේ අත්සන සහ දිසාපතිගේ නියෝග පරිදි මුද්රා තබන බවට වන සටහනක්ද සහිත කොලයක් දොරවල්වල අගුලේ අලවා අත්සන් තුනක් තබා වටේට සොලෝටේප් ඔතා කාමර තුනක් සීල් කර ඒ්වායේ යතුරු රැගෙන ඔවුන් පිටත්ව ගොස් තිබේ.
නීතිය අනුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ යතුරු තැබිය යුත්තේ පොලිසියේ වුවද මෙම නිලධාරීන් කාමර තුනේ යතුරු අරගෙන යාම නිසා ප්රාදේශීය ලේකම්වරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඊට හේතුව යතුර පිටස්තර පිරිසක් අත තබා ගැනීම සහ හොර යතුරක් කපාගෙන යම් හොරකමක් වුව කිරීමේ හැකියාව ඇති හෙයිනි.කාමරයක් මුද්රා තබද්දී කළ යුතු කටයුතු ඔවුන් කර නැත.
මුද්රා තැබීම ගැන ප්රචාරය කරද්දී විගණකාධිපති දෙපාර්තමේන්තුව සමග එක්ව එය කළ බවට ජනමාධ්යවලට වැරදි තොරතුරු ලබා දෙමින්, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බරපතල අපරාධයක් සිදුවී ඇති බව හුවා දැක්වීමට උත්සාහ කලේය. ඇතැම් මාධ්ය බෙදාහැරීමට ඇතිබඩු යැයි කියමින් පෙන්වූයේ ප්රාලේකම් කාර්යාලයේ ඉන්වෙන්ට්රිගත භාණ්ඩය.
ප්රදේශීය ලේකම් පොලිසියට පැමිණිල්ල දැමීමෙන් පසු දින රාජ්ය පරිපාලන අමාත්යංශයේ නිලධාරීන් කිහිප දෙනකු ප්රාදේශීය ලේකම් කාර්යාලයට ජනමාධ්ය සමග පැම්ණ ගබඩා පරීක්ෂා කිරීමට යාමේදී ප්රාදේශීය ලේකම්වරිය විරෝධය දැක්වූයාය. තොග බඩු ලැයිස්තුව නොගෙන හිතුමතේ සීල් තැබීම නීතු විරෝධී බව ඇය පෙන්වා දුන්නාය.
ඔවුන් සීල් කළ කාමර පරීක්ෂා කරද්දී එතන සිටි අයගෙන් මේමොනවා දැයි විමසූ අතර නිශ්චිතව මේවාට අදාල ලේඛන නඩත්තු කරන නිලධාරීන් එහි සිටියේ නැත. ඉතින් මාධ්ය වාර්තා කලේ භාණ්ඩ ලැබුණු විදිහක්වත් ප්රාදේශීය ලේකම් කාර්යාලය නොදන්නා බවයි. භාණ්ඩ ගැන තොරතුරු නැතිනිසා එහි සිටි අයෙක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පරීක්ෂා කිරීමට ආ ආයෙක් නියෝග කළ අතර එය දැනගත් ප්රාදේශීය ලේකම්වරිට එම ස්ථානයට පැමිණ ආවේගයෙක් විරෝධය පල කළේ. ඔහු වෙනුවට තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඇය කීවාය. මේ සියල්ලට පෙර නීති විරෝධීව ගබඩා සීල් කිරීම ගැන විමර්ශන කරන්නැයි ඇය ඉල්ලා සිටියාය.
එම භාණ්ඩ ලැබුන දිනයවත්, ඊට පෙර දිනත් ඉන් කොටසක් බෙදූ බවවත් නොදත් අදාල නිලධාරීන් මාධ්ය ඉදිරිපිට හැසිරුණේ ප්රාදේශීය ලේකම් කාර්යාලය බරපතල වරදක් කර ඇති ආකාරයටය.
කාමර සීල් කර රැගෙන ගිය යතුරු ඉන් පසු නැවත ග්රාමනිලධාරියකුට බාරදීමට උත්සාහ දරා ඔහු එය ප්රදේතික්ෂේප කළ පසු ප්රාදේශීය ලේකම් කාර්යාල සිකියුරිටිට යතුරු බාර දී නිලධාරීන් පිටව ගොස් තිබේ. සිකියුරිටිට යතුරු බාරදීම ද ඉතා බරපතල තත්ත්වයකි.
කල් ඉකුත් වූ සහ ගුල්ලන් ගැසූ හාල් කිලෝ කිහිපයක් සහ තවත් භාණ්ඩ එහි තිබුණු අතර සැවොම කලබල විය යුතුව තිබුණේ එවැනි නුසුදුසු ආහාර ද්රව්ය මහජනතාවට බෙදා හැර තිබුනේනම්ය. ඒවා ප්රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී ඇත්තේ දිත්වාවලින් මාස ගණනකට පසු වන අතර ඇතැම් ඒවා ගැබෙන විටත් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබී ඇත. එහෙත් නිලධාරීන් නිසි ක්රමවේදයට නිලධාරීන්ගේ ප්රකාශයක්වත් සටහන් කරගෙන නොතිබුණු නිසා ඇත්ත තත්ත්වය දැනගෙන සිට නැත.
එසේම ලංකාවේ වැඩිපුරම භාණ්ඩ බෙදා හැරි ප්රාදේශීය ලේකම් තාර්යාලවලින් මෙය ඉදිරිපෙළ තිබෙන ප්රාදේශීය ලේකම් කාර්යාලයක් බව හෝ සීල් තැබීමට පෙර දින ද භාණ්ඩ තොගයක් බෙදා හැරි බවහෝ පැමිණි නිලධාරීන් මෙන්ම මාධ්යද දැනගෙන හිටියේ නැත. ප්රාලේකම්ට මඩ ගැසීමට පෙර එම ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුව බැලුවේ නම් ඒවා පහසුවෙන් බලාගැනීමට හැකියාව තිබිණි.
නොබෙදූ බඩු යැයි පෙන්වූ ඇතැම් ඒවා නව නිවාසවලට යද්දී මහජනතාවට ලබාදීමට නියමිත ඒවා බවවත් චෝදනා කළ පිරිස් දැන සිටියේ නැත.
ප්රාදේශීය ලේකම්වරිය අමාරුවේ දැමීමේ මෙම සංවිධානාත්මක වැඩපිළිවෙල පිටුපස සිටින්නේ කවුරුන්දැයි කාමර සීල් කරද්දී තැබූ සටහනින් හොඳින්ම පැහැදිලි වේ. ඔහු මහනුවර දිසාපතිවරයාය. මහනුවර දිසාපති යනු මීට වසර කිහිපයකට පෙර ගම්පොල උඩපලාත ප්රදේශීය ලේකම්වරයාය. ඔහු ජයරත්නලාට සින්න කර ගත් අම්බුළුවාවට මහජන මුදල් වියදම් කරඇති බවට අල්ලස් කොමිසමේ පැමිණිලිවලද සඳහන් විය. එසේම ඔහු ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සිටි කාලයේ කටයුතු කිහිපයක් ගැන ප්රාදේශීය ලේකම්වරිය පැම්ණිලි කරතිබිණි.
දැන් සිදුවන්නේ එලෙස පැමිණිලි කළ ප්රාදේශීය ලේකම්වරිය ව්යජා කරුණු කියමින් ඉවත් කිරීමේ වෑයමකි. ඊට සමගාමීව ප්රාලේනම්වරියට මඩ ගැසීමට සංවිධානාත්මකව fake අකවුන්ට් ක්රියාත්මක වෙමින් තිබේ.
දිසාපතිවරයා ප්රාලේකම්ට ඉහළින් සිටියාට ඔහු නීතියට ඉහළින් නැත. දැන් කළ යුත්තේ වහාම දිසාපතිවරයාා ඉවත් කිරීමය. නැතහොත් ප්රාලේකම්ගෙන් දිගින් දිගටම පලි ගනු ඇත.
මෙහි ඇත්ත සිද්ධිය ගැන සියලු දත්ත සමග කළ වීඩියෝව පහත දැක්වේ.
එසේම ජ්යෙෂ්ඨ නිලධාරියකු මේ ගැන තැබූ සටහනක් පහත දැක්වේ.
“උඩ පළාත ප්රාදේශීය ලේකම්වරිය
සැලසුම් සහගතව ඉවත් කිරීමේ කුමන්ත්රණයක් !
By ඇන්ටන් පෙරේරා,
ක්රීඩා අමාත්යංශයේ සහ ග්රාමීය ආර්ථික කටයුතු අමාත්යංශයේ හිටපු ප්රධාන ගණකාධිකාරි,
ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ (විමර්ශන),
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති.
මීට මාස ගණනාවකට ඉහතදී මෙම ප්රාදේශීය ලේකම්වරිය පාර්ලිමේන්තුවේ වරප්රසාද කමිටුව හමුවට කැඳවූයේ දිමූ ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්නගේ වරප්රසාද කඩවීම පිළිබඳව ප්රශ්න කරනු සඳහාය. අම්බුලුවාව ව්යාපෘතියේ ඉඩම් මංකොල්ලය පිළිබඳව දිගටම සටන් කරමින් සිටි මෙම නිලධාරිනිය එහිදී විශාල අක්රමිකතාවන්ට අදාල හෙළිදරව් කිරීම් ගණනාවක් සමාජගත කිරීමට සමත් වූවාය.
වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ඇයව දෙවන වරට මර්ධනය කිරීමේ මෙහෙයුමයි. එය ඉතා සූක්ෂම ලෙස රාජ්ය අංශයේ ආයතනද සම්බන්ධ කරගෙන ක්රියාවට නැගීමට නියමිත අතර, ඉදිරි පැය විසි හතර තුල ඇය එම ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීම බොහෝ දුරට සිදුවනු ඇත.
මේ දිනවල එම කාර්යාලයේ කාමර සීල් කොට, එහි තිබූ බඩු භාණ්ඩ පිළිබඳව විශාල මාධ්ය ප්රචාරයක් ගෙනයනු ලැබේ. රජයේ කාර්යාලයක් මුද්රා කිරීම සඳහා මූලික දැනීමක් හෝ මෙම ක්රියාවලියට සහභාගි වූ නිලධාරීන්ට නොමැති බව පෙනේ. මෙය කිසිවෙකුගේ මෙහෙයවීම මත සිදුවන්නක් බව ඉතා පැහැදිලිය.
කිසියම් කාර්යාලයක ආක්රමිකතාවයක් පිළිබඳව තොරතුරු ලැබූ පසු එම කාර්යාලයේ කිසියම් ලිපි ලේඛන භාර ගැනීමක් හෝ කාමර සීල් කිරීමක් සිදුකළ යුතු නම්, ඒ සඳහා නිසි බලධරයාගෙන් බලය පැවරූ නිලධාරීන් පැමිණ, තම කාර්යභාරය අදාළ කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන්ට හෙළිදරව් කොට, එම ලිපි ලේඛන හෝ බඩුබාහිරාදිය භාරව සිටින නිලධාරීන් ඉදිරිපිට, ඒ පිළිබඳව ගණනය කිරීමක් කොට, ඒවා ලේඛනගත කල යුතු අතර, එම භාණ්ඩ භාර ගත් බවට ද, අදාල නිලධාරීන් එම භාණ්ඩ භාර දුන් බවටද සාක්ෂිකරුවන් ඉදිරියේඅත්සන් කොට , කාමර සීල් තැබීමට අවශ්ය නම්, ඒ සඳහා යොදන මුද්රා කාර්යාලයේ නිලධාරීන්ගෙන් ද සමන්විත කමිටුවක් විසින් සිදු කළ යුතුය.
උඩ පලාත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර සීල් කිරීම සහ යතුරු භාර ගැනීම, කිසිදු විධිමත් ආකාරයකින් සිදුවී නොමැති බව පෙනී යයි.
මෙම ක්රියාවලියෙහි අවසානයේ මූලික විමර්ශනයක් සිදුකොට චෝදනාපත්ර ලබාදීමට ප්රථම, ප්රාදේශීය ලේකම් කිසියම් චෝදනාවක් මත ස්ථාන මාරු කරනු ඇත. කාර්යාල කාර්ය පටිපාටිය පිළිබඳ මනා දැනීමක් ඇති සහ විනය පටිපාටිය පිළිබඳව කෙළ පැමිණි ශ්රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් මෙවැනි අවස්ථාවල නිහඬව සිටීම පුදුමයක් නොවේ.
මීට දශක තුනකට පමණ ඉහතදී මොණරාගල දිස්ත්රික්කයේ බුරුත සහ තේක්ක දැව ජාවාරම ජයටම සිදුවූ කාලවකවානුවේ ඊට අනුග්රහය නොදැක්වූ ප්රාදේශීය ලේකම්වරුන්, එම කාර්යාල ඉදිරිපිට බොරු මහජන උද්ඝෝෂණ පවත්වා රාජ්ය පරිපාලන අමාත්යාංශයේ සංචිතයට මාරු කළ ඉතිහාසයක් තිබේ. එහිදී ද ශ්රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් නිහඬව සිටියහ. එම ඉතිහාසයම නැවත ක්රියාත්මක වෙමින් තිබේ. එදා එය මෙහෙයවනු ලැබුයේ බලයේ සිටි දේශපාලකයන් විසිනි. අද එය මෙහෙයවනු ලබන්නේ කවුරුන්ද යන්න සොයා බැලීම පරිපාලන නිලධාරීන්ගේ යුතුකමකි.”
මේගැන වීඩියෝව බලන්න –
ඇත්ත මෙන්න ! – ප්රාලේගේ ලෙඩ වැඩිකරන තැතක්? | THARINDU JAYAWARDHANA | MediaLK
