හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කළ රජයට අයත් අතිරික්ත වාහන තුනක් ඔක්තෝබර් 21 දින නැවත ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති අතර එම වාහන අතර කැබ් රථයක්, වෑන් රථයක් සහ ගිලන් රථයක් තිබූ බව වාර්තා වේ.
ඒ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දැනට භාවිත කරනු ලබන අතිරික්ත වාහන නැවත භාර දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ඔක්තෝබර් 19 දින සිදුකළ දැනුම්දීමට අනුවය.
