ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය හෙට

ඔක්තෝබර් 26 දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සදහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද දින සිදු කරන බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලයේදී එම කටයුතු සිදුවන බවය.

ඡන්ද මධ්‍යස්ථාන 48 ක් සඳහා නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය මේ යටතේ සිදුවන බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවත් හෙට පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීමද ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කිරීමට නියමිත බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading