ආරුගම්බේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අපිටත් තොරතුරු ලැබුණා! පොලිසියෙනුත් නිවේදනයක්!VIDEO

විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

අදාල නිවේදනය

https://lk.usembassy.gov/security-alert-avoid-travel-to-arugam-bay-due-to-credible-threat/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR37CxLJaZjIG4urYpkHQQHYiZwrI6rO2R7MK7T9BFKDNRJ9W4LcjAVMxAA_aem_sm1zlJIa1cw7Sj5WbN70jQ

මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

පොලිසිය සුදානම්

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක්  ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති හෙයින් විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය මගින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර ඇත.

මැද පෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

මෙහිදී පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කිරීමට නියමිතය.

මේ මුලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද දින සිට උදාවනු ලබා දී ඇත.

අදාල නිවේදනය

පසුගිය ඔක්තෝබර් 20 වන දින ප්‍රවීණ සිවිල් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු ආරූගම්බේ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ නිලධාරීන් විශාල සංඛයාවක් ආරුගම්බේ ප්‍රදේශයේ සිටින බවත් ඔහුගේ X ගිණුමේ සදහන් කර තිබුණි.

Author

1 Comment

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading