2023 සහ 2024 වර්ෂවලට අදාළව නොගෙවු බදු මුදල් 2024 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
පසුගිය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත 2023 වර්ෂයේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් පමණක් නිකුත් කර ඇති බවත් එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත් ඒ මහතා පවසා ඇත.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව හෙතම සඳහන් කළේය.
