කවුදෝ ගෙනත් දාලා – රෝහිතගේ බෑනා.. මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නෙවෙයි.. – රෝහිත

හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථය සහ ජීප් රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තම නිවසට ගෙනැවිත් දමා ගොස් තිබූ බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා පොලිස්
ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මීට සතියකට පමණ පෙර මෙම වාහන මෙසේ දමාගොස් තිබූ බවද ඔහු පවසා ඇත. නීති විරෝධීව මෙරටට ආනයනය කර ලියාපදිංචි නොකළ රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ සඟවා තිබියදී මහනුවර පොලිසිය මගින් ඔක්තෝබර් 20 දින සොයාගෙන තිබිණි.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද විමර්ශනයකදී මහනුවර අනිවත්ත ප්‍රදේශයේ වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු බව කියන හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ තිබී මෙම වාහන සොයාගෙන තිබිණි. පොලිසිය පවසන්නේ මෙම මෝටර් රථ දෙක එකලස් කරන ලද ඒවා නොවන බවයි. එහෙත් මෙම වාහන රේගුවද නොමඟ යවමින් කිසිදු රේගු ගාස්තුවක් නොගෙවා ගෙනවිත් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

එමෙන්ම මෙම වාහන ලියාපදිංචි කර නොමැති අතර ඊට අයිතිකරුවකුද නොමැති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් වාහන දෙක මහනුවර පොලිසිය භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

මගේ සම්බන්ධයක් තියෙනවා කියලා, ඔප්පු කළොත් දේශපාලනයෙන් යනවා.. රෝහිත

මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකකට තමාගේ සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඔක්තෝබර් 21 දින කළුතර දී මාධ්‍යයට පවසා තිබුණි.

‘මුලින්ම කිව්වා එම වාහනවලට මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අයියා කෙනෙක් ̈. මේ වාහනවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා. මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලනවා.දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ. වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පළිද? මගේ ගෙදරත් වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා. මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. වෙන පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක්. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා. මම වරාය ඇමැතිකමෙන් අස්වුණේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සිය ̈ දේවල් සිදු කර ඇත්තේ නීත්‍යානුකූලව.
තව පුවතක් යනව මගේ පෞද්ගලික කා3⁄4ය මණ්ඩලයේ කෙනෙක් එම නිවසේ ඉන්න බව. එහෙම නම් පා3⁄4ලිමේන්තුවේ එම විස්තර තියෙනවා. බොරුවට ආයුෂ නෑ. ඇත්ත ඉක්මනින් එළියට එනවා.’

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading