තම කතාවක් විකෘති කර සමාජ මාධ්‍යයේ දැමීම ගැන තරිදුගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

තමා විසින් මැතිවරණ ප්‍රචාරණ වේදිකාවකදී කරන ලද ප්‍රකාශයක් වෙනස් අදහසක් හැඟවෙන පරිදි සංස්කරණය කර, විකෘති කර සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් ඇති විඩියෝවක්  පිළිබඳව තරිඳු උඩුවරගෙදර මහතා මැතිවරණ කොමිෂන් සභාවට සැප්තැම්බර් 14 දින පැමිණිල්ලක් සිදු කර ඇත.

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන රජිත් කීර්ති තෙන්කෝන් ඔහුගේ මුහුණු පොතට අදාල විඩියෝව උඩුගත කර තිබුණු අතර රජිත් කීර්ති මහතා මීට පෙර  මැතිවරණ නීරික්ෂණ සංවිධානයක ප්‍රධානියෙකු ලෙසද කටයුතු කර ඇති බව පැමිණිල්ලේ සදහන් කර ඇත.

උඩුවරගෙදර මහතා සැප්තැම්බර් 01 වන දින මෙම කතාව සිදු කර තිබුණු බවත් එම කතාව ගැන පසු පැහැදිලි කිරීම් ගණනාවක් තිබියදී අදාල ප්‍රකාශය විකෘති කර සැප්තැම්බර් 12 වෙනි දින රජිත් කීර්ති මහතා පළ කර තිබුණු බවය. තමන්ගේ කතාව විකෘති කර මෙසේ උඩුගත කිරීම දේශපාලන වුවමනාවක් නිසා සිදු කළ කාර්යයක් බව තමන්ට නිරීක්ෂණය වී ඇති බව උඩුවරගෙදර මහතා තම පැමිණිල්ලේ සදහන් කර ඇත.

අදාල පැමිණිල්ල

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading