මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවත් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වූ බවත් ඒ මහතා පවසා ඇත.
තවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ “මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන්වෙලා තියෙන්නේ. මුළු තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් ලැබී තිබුණා. එයින් 738,050ක් පිළිගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙනවා මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම මේ මාසේ 23 වනදා සිදුකරනවා. ඒ වගේම නිල ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ 26 වනදාට නියමවී තිබෙනවා. ඒ වගේම තරගයට ඉදිරිපත්වෙන අපේක්ෂකයින් සඳහා ගුවන්කාලය වෙන්කිරීම හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. සියලුම දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයින් සහ ස්වාධීන් කණ්ඩායම්වල නියෝජිතයින් ට ඒ අවස්ථාව සඳහා මේ වනවිට දැනුම්දීලා තිබෙනවා.” යනුවෙනි.
