Monday, September 25

Tag: news

සිගරැට් ණයට නොදුන්නායැයි මුදලාලිට තියුණු ආයුධවලින් පහරදුන් 2ක් අත්අඩංගුවට
Top News

සිගරැට් ණයට නොදුන්නායැයි මුදලාලිට තියුණු ආයුධවලින් පහරදුන් 2ක් අත්අඩංගුවට

බණ්ඩාරගම රයිගම අඟුරුවාතොට පාරේ වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පිරිසක් සිදු කර ඇති පහරදීමකින් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව බණ්ඩාරගම රෝහල් ආරංචි මාර්ග ඇසුරෙන් දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ. මෙසේ රෝහල්ගත කර ඇත්තේ 49 හැවිරිදි ව්‍යාපාරිකයා, ඔහුගේ 44 හැවිරිදි බිරිඳ සහ 16 හැවිරිදි පුතු බව පොලීසිය ප්‍රකාශ කර තිබේ. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට 11 වැනිදා රාත්‍රී 10ට පමණ පැමිණ, ණයට සිගරැට් ඉල්ලූ අවස්ථාවේදී, ව්‍යාපාරිකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇති වූ බහින්බස්වීමකින් පසු, වෙළඳසැලින් පිට වී, නැවත තියුණු ආයුධ රැගෙන පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස පැමිණ පහරදීම සිදු කර ඇත. ව්‍යාපාරිකයාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී ඔහුගේ බිරිඳට සහ පුතාටද හානි සිදු වී තිබේ. මේ වන විට සාමාන්‍යයෙන් පරිභෝජනය කරන සිගරැට්ටුවක මිල රුපියල් 130කට අධික වන අතර, ලාබ සිග...
බේසමේ ගිල්වමින් කෘරත්වයට ලක් වූ දරුවා, වැල්ලම්පිටියෙන් හමු වේ
Top News

බේසමේ ගිල්වමින් කෘරත්වයට ලක් වූ දරුවා, වැල්ලම්පිටියෙන් හමු වේ

වතුර බේසමක ගිල්වා කුඩා දරුවෙකු කෘෘරත්වයට පත් කරන වීඩියෝවට අයත් දරුවා වැල්ලම්පිටියෙන් සොයාගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ කර තිබේ. දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ. මෙම දරුවාව කෘරත්වයට පත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වීමෙන් පසු, එම දරුවා හඳුනාගැනීම සඳහා පොලීසිය සමාජයේ සහයෝගය ඉල්ලා තිබුණි. මේ වන විට හඳුනාගෙන ඇති මෙම දරුවාගේ පියා හෘදයාබාධයකින් මියගොස් ඇති අතර, මව මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී. මෙලෙස දරුවාව කෘරත්වයට පත් කර ඇත්තේ දරුවාගේ ලොකු අම්මා සහ ලොකු තාත්තා භාරයේ සිටියදී, ලොකු තාත්තා අතින්ය. ...
වත ඊයම් කළ මහරැජිණ
Fashion

වත ඊයම් කළ මහරැජිණ

පළවැනි එළිසබෙත් රැජිණ (1558-1603) ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම රැජිණක්. කන්‍යා රැජිණ, ග්ලෝරියානා වැනි නම් ගණනාවකින් ඇයව හැඳින්වුණා. ඇය රූපවාහිනී හා සිනමා තිරවල ප්‍රතිනිර්මාණය වූ අවස්ථාත්, ඉතිහාසයේ ඇයට හිමි තැනත් ඇය ගැන ඇති කතාන්දරත් සැලකූ කල ඇය දෙවැනි වනු ඇත්තේ ක්ලියෝපැට්රා රැජිණට පමණයි. ඒ තරම් ඇය ඓතිහාසිකයි. කොටින්ම කීවොත් ඇය නොසිටියානම් ලංකාවේ ඉතිහාසයත් මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණා. බි‍්‍ත්‍රාන්යන් ලංකාවට එන්නට පදනම වූ බි‍්‍ත්‍රාන්‍ය දේශ ගවේෂණයේ වැදගත්ම අවස්ථා රැසක් උදාවුණේ එළිසබෙත් රැජිණගේ කාලයේදීයි.  ඇය ඓතිහාසිකව සුවිශේෂී රැජිණක් වන්නේ ඇය ලැබූ ජයග්‍රහණ නිසායි. 1588 දී එවකට යුරෝපයේ ශක්තිමත්ම නාවික බලය හෙබවූ ස්පාඤ්ඤයේ නාවික හමුදාව හෙවත් ආමාඩාව එංගලන්තය ආක්‍රමණය කරන්නට එද්දී ස්පාඤ්ඤ ආමාඩාව මුහුදේදී පරාජය කරන්නට බිත්‍රාන්‍ය නාවික හමුදාව සමත්වුණා. 17 වැනි සියවස වෙද්දී ස්පාඤ්ඤය පරාජය කර...
එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..
Top News

එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි..

බඩේ ඇති වූ අජීරණයක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ 21 හැවිරිදි තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බව අදාල තරුණියගේ මව චෝදනා කර ඇත. අදාල තරුණියව කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර එවා තිබුණු බවත් ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින් පසුව රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් අදාල තරුණීයගේ මව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් පවසා ඇත. "මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ ව...