හම්බන්තොට මයුරපුර සංචාරක නිවාසයක පවත්වාගෙන ගිය නිශ්පාදනාගාරයේ සකස්කල බව පැවසෙන අයිස් මත්ද්‍රව්‍යවලින් කිලෝ 10කට වැඩි ප්‍රමාණයක් කෙහෙල් බද්දර පද්මේ නෙහොත් මන්දිලු පද්මසිරි හට ලබා දි ඇතැයි හෙලිවි තිබෙනවා.
ඒ එම සිද්දියට අදාලව ඊයේ (15) පානදුරේදි අත්අඩංගුවට පත් වු 20 හැවිරිදි සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරිම්වලදි.
පානදුර ප්‍රදේශයේ සිදුකල වැටලිම්වලදි සැකකරු අත්අඩංගුවට ගත්තේ කළුතඑ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් කණ්ඩායමක්.
වැල්ලවායේ පදිංචිකරුවකු වන 20හැවිරිදි මෙම සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඇඹිලිපිටිය සුරංගේ සහයකයෙක්.
පොලිසිය පැවසුවේ ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලැබුනු බවයි.
එහිදි හෙලිවු තොරතුරු මත ක්‍රියාත්මක වු පොලිසිය හම්බන්තොට සංචාරක නිවෙස වැටලිමිට පියවර ගත්තා.
එහි තිබි අයිස්මත්ද්‍රව්‍ය නිපදවන බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය ලිටර් 4ක්,කෑන් 15වක් හා පෙරහන් තොල සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම නිශ්පාදනාගාරය පවත්වා ගෙන සංචාරක නිවස කුලිපදනම මත ලබා ගත් එකක් බවට විමර්ශනවලදි අනාවරණය වු බවයි.
