ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා
මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත
ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග
ඉකුත් වසරේ මැයි 09 රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය ආරම්භ කර ඇති බවත් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවත් දිවයින පුවත්පත ජුලි 18 දින වාර්තා කර ඇත.
නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත් අදාල පුවත්පත වාර්තා කර ඇති අතර ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවත් පුවතේ සදහන් කර ඇත.
අදාල විනාශ වු දේපළ, නිවාස සහ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් රජය පත් කර තිබුණු අතර එම කණ්ඩායම් අ...