එක්නැලිගොඩගේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්, විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝබර් මස 30 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

මෙම නඩුව විභාග කිරීම සඳහා හිටපු අගවිනිසුරුවරිය විසින් මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබුණා.

නමුත් අද දින මෙම නඩුව මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එක් විනිසුරු ධුරයක් පුරප්පාඩු වී ඇති බැවින්, නඩුව කල් දැමීමට සිදු වන බවයි එම විනිසුරුවරුන් දැනුම් දුන්නේ.

පුරප්පාඩු වූ විනිසුරු ධුරය සඳහා අගවිනිසුරුවරයා විසින් නව විනිසුරුවරයෙකු පත් කරනු ඇති බවත් ඒ අනුව නඩුව යළි  ඔක්තෝබර් 30 වැනිදා  කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ 2010 වසරේ ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ගිරිතලේ, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් පිරිසක් සමඟ එක්ව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගොස් රහසිගතව සිරකර තබා මරණය සිදුකිරීම යන චෝදනා යටතේයි.

 මෙම චෝදනා පසුගිය යහපාලන රජය සමයේදී දණ්ඩ නීති සංග්‍රහය යටතේ  නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා

Author

Related Posts