ඩොලර් කෝටි 157ක ණයවර ලිපි විවෘත කරලා

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි සැප්තැම්බර් 16 වනදා වන විට විවෘත කර ඇති බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි.

එහිදී ඇය කියා සිටියේ, මෙම වසර සඳහා වාහන ආනයනයෙන් රුපියල් කෝටි 46,000ක් අපේක්ෂා කළද, එය රුපියල් කෝටි 70,000ක් දක්වා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවයි.

මෙතරම් විශාල වාහන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවද ඇය පැවසුවා.

මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇති බවද කාරක සභාවේදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන්නේ, මෙම වසර තුළ සංචාරකයන් ලක්ෂ  25ත් අතර සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇති බවයි.

 එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර් කෝටි 350ක් වනවා.

Author

1 Comment

  • Jude Nuwan Liyanage, මීව්නපලානේ හාමුදුරුවෝ, කලෙප්පේ ඇරියමග්ග හාමුදුරුවෝ සහ මම, ජාතික බෞතික සැලැස්මට විරුද්ද ව මේ රටේත් ජතියාන්තරවත්, කටයුතු කරනවා. ඒ සදහා ඔබගේ සහයත් අපේක්ෂා කරමි. අපිත් එනවා, ත්‍රිකුණාමලය, ඉන්දියාවට බිලි වෙන ඉඩම් බේරගන්න, ඔබට සහය වෙන්න. අපි indo pacific operation එකටත්, belt and road initiative එකට විරුද්දයි.

Comments are closed.

Related Posts