හිටපු ජනපතිලගෙන් සමහරු බඩු භාර දීලත් නෑ! ලියුම් එවලා

හිටපු ජනාධීපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදි ගැනිමට නියමිත බවත් එම නිවාසවල වටිනාකම අනුව ආර්ථික ලෙස ඵලදායි වශයෙන් කටයුතුවලට යොදවන ආකාරය තිරණය කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු පවසා සිටිය් මේ වන විට එම නිවාස වලින් හිටපු ජනපතිවරු ඉවත් වි නොමැති බවත් හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිතිඥ සමාගම හරහා ලිපියක් ඉදිරිපත් කරමින් නිවසින් ඉවත් විම සඳහා තව මාස දෙකක කාලයක් ඉල්ලා සිටි බවයි.

ඇතැම් අය නිවාස වලින් ඉවත් වුවද භාණ්ඩ නිසි ආකාරයෙන් භාර දි නොමැති බව පැවසු නලින්ද මහතා එම සියලු දේ නිසි ලෙස භාර දුන් පසු රජය විසින් තිරණයක් ගන්නා බවත් පවසා සිටියා.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරිමේ පනත සම්බන්ධයෙන් ඊයේ (16) පැවති කැබිනට් තිරණ දැනුම්දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි නැගුණු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් නලින්ද මහතා මේ බව පැවසුවා.

එහිදි විදෙස් රාජ්‍ය නායකයෙක් මෙම හිටපු ජනපතිවරුන් හමුවිමට පැමිණිය හොත් හමුවන්නේ කෙසේද යන්න විමසු අවස්ථාවේදි අමාත්‍යවරයා පිලිතුරු දෙමින් පවසා සිටියේ පෞද්ගලික නිවාස වල හමුවිය හැකි බවයි.

නලින්ද ජයතිස්ස මහතා මෙහිදි අවධාරණය කල සිටියේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට විදසේ රාජ්‍ය නායකයින් පැමිණියහොත් හමුවන්නේ පෞද්ගලක නිවාස වලනම් එහි කිසිදු ගැටලුවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ නිතියක් සමම්ත කර ගෙන තිබෙනවා ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනවා.අවුරුදු 10ක් ජනාධිපති වෙලා හිටපු ජනාධීපති විදියට නැවත රජයේ නිවාසය ඉන්නවා.ඒ අතරේ අගමැති වෙලා නැවත රජයේ නිවාසයක ඉන්නවා.ඉතින් අවුරුදු 31ක් රජයේ නිවාසවල ඉදපු අය.තව කෙනෙක් 1994 ඉදන් 2015 වෙනකම් ඇමති කෙනෙක් ලෙස රජයේ නිවාසවල ඉන්නවා පසුව අවුරුදු5ක් ජනාධිපති ලෙස රජයේ නිවාස වල ඉන්නවා ඉතුරු අවුරුදු පහත් දැන් හිටපු ජනාධිපති කෙනෙක් විදියට ඉන්නවා.තව කෙනෙක්1995ඉදන් 2005 ජනාධිපති විදියට රජයේ නිවාසෙක ඉන්නවා 2005ඉදන් හිටපු ජනාධිපති විදියට ඉන්නවා.එයාල තමයි මේවගෙන් යනන් බැහැ කියලා එකඑක ආඩපාලි කියන්නේ කනිපින්තන් කියන්නේ මේ වගේ කට්ටිය.මේ ඔක්කොටම කොළඹ ගෙවල් තියනවා.මෙයාලගේ දරුවෛා් ඉපදිලා තියෙන්නේ පාසල් ගිහින් තියෙන්නේ.සමහර දරුවොන්ගේ දරුවෝ ඉපදිලා තියෙන්නේ රජයේ නිවාස වල.මේක ඇබ්බැහියක්.අපිට දුන්න ජනවරම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි ඒ අනුව කටයුතු කලා.පොදු නිතියක් සම්මත කර ගත්තා ඒ අනුව වර්තමාන ජනාධිපතිටත් ඒ හිමිකම් අහෝසි වෙනවා.

Author

Related Posts